ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 03 ක සිර දඬුවමක් නියම කර තිබේ.
දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙන් මෙසේ සිර දඬුවම් නියම කර ඇත.
ඔහුගේ සහායකයින් දෙදෙනෙකුට ද සිර දඬුවම් නියමවූවත් එය අත්හිටුවා තිබේ.
සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුරක් ප්‍රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කල බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.
අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිය හැකිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
