Language Switcher

V2025

නොනිදන එත්නා ( Etna ) නැවතත් සක්‍රීය වෙමින් සිසිලියානු අහස වෙලාගනී! (වීඩියෝ )

නොනැවතී සක්‍රීයවන එත්නා ගිණි කන්ඳ පසුගිය මාර්තු 10වන දා නැවත පුපුරාගියේ මේ වසරේ එකොලොස්වන වතාවටයි.                

එම පුපුරායාමෙන් පැය 54කට පසුව අද නැවතත් සක්‍රීය වූ එත්නා ගිණි කන්ඳෙන් ලාවා පිටවීම උදෑසන 6.45ට පමණ ආරම්භවී ක්‍රමයෙන් උපරිම ලාවා ප්‍රමාණයක් උදෑසන 8.00 පමණ සිට උදෑසන් 10.45 පමණ වනතුරුම පැවති අතර ඉන් ඇතිවූ අධික අළු හා දුමාරය සිසිලියානු දූපත වෙලාගනිද්දී කිලෝමීටර් දහයක (10) පමණ වපසරිය පැතිරුන දුමාරය කිලෝමීටර හයක ( 6 ) පමණ ඉහළ අහසට ඉසිලෙමින් කතානියා හා සිසිලියානු දූපත් වෙලාගත්තේය.              

 පසුගිය දින කීපය මුළුල්ලේම සිදුවූ පිපිරීම් වලින් වැඩි අවස්තාවකදී ගලාගිය ලාවා නැගෙනහිර දෙසින් මුහුද වෙරළ දෙසට ගලායාම නිසා දෛනික ජීවන රටාවට සිදුවූ බලපෑම අවම විය...

සිසිලියානු දූපත් වැසියන් කෙතරම් අසීරු උවත් මෙම පුපුරායාම් ඉවසා සිටින්නේ මෙලෙසින් පුපුරා නොයන්නේ නම් අති භයානක භූමිකම්පා ඇතිවන නිසාවෙනි…

ethna 1000px

 

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ, 

ඉතාලිය.