ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන මධ්‍යස්ථාන තුනකදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටාහි සම්බාහන මධ්‍යස්ථාන තුනක සිදු වූ මෙම වෙඩි ප්‍රහාරවලින් මියගිය අය අතර ආසියානු කාන්තාවන්ද සිටින බව සදහන් වේ.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විසිඑක් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මෙම සම්බාහන මධ්‍යස්ථාන තුනෙහිම වෙඩි තැබීම් සංවිධාන කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුදල් මංකොල්ලකෑම් අරමුණු කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවටද සැක පළ කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
