කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයන් 07 දෙනෙකු හමු වීමත් සමග ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව දින 03 ක කාලයක් සදහා බ්‍රිස්බේන් නගරයේ මෙලෙස සංචරණ සීමා පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්‍යවශ්‍ය සේවා, සෞඛ්‍ය කටයුතුවලට හැර නිවෙස්වලින් බැහැර වීමට අවසර හිමිනොවන බව සදහන් වේ.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වෛරස නව ප්‍රභේදය එම ආසාදිතයන්ට වැළදී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.
මිලියන 2 ක ජනගහණයක් වාසය කරන බ්‍රිස්බේන් නගරය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 3 වන විශාලතම නගරය ද වේ.