මැලේසියාවත් lockdown කරයි

මැලේසියාවත්  lockdown කරයි

කොවිඩ් -19 ආසාදිතයින් ඉහළ යාම හා වෛරස ව්‍යාප්තියේ ප්‍රභේද සැලකිල්ලට ගනිමින් මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ ප්‍රබලතාව පිළිබඳ අවදානය යොමුකරමින් ඊයේ (10) පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී එම තීරණය ගෙන ඇත.

මැලේසියා අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන්  ප්‍රකාශ කර ඇත්තේ, ජුනි මස 07වන දින දක්වා එය ක්‍රියාත්මක වන බවයි.

සමාජ රැස්වීම් සහ අන්තර් දිස්ත්‍රික් ගමන් තහනම් කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් ආර්ථික අංශ කටයුතු සිදු කෙරෙන බවද ඔහු සදහන් කර ඇත.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැලේසියාව සම්පුර්ණයෙන් වසා දැමූ තුන්වන අවස්ථාව මෙය වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න