බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි: නව සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි: නව සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය (ලේකම්) මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහයිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් එරට මාධ්‍ය මගින් පළ කිරීමත් සමගයි.

ජනතාවට ලබාදුන් උපදෙස්, නීති සම්පාදනය කරන පුද්ගලයෙකු වශයෙන් තමා අතින් ගිලීහී යාමේ වරද පිළිගනිමින් ධුරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ ජනතාව කරන කැපකිරීම්වලට ගරු කරමින් තමා එම තීරණය ගත් බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයින්ගෙන් ද සමාව අයැද තිබිණ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හිටපු චාන්සලර්වරයෙකු වන සජිඩ් ජාවිඩ් පත්කර තිබේ.

එම සිදුවීමට සම්බන්ධ ජිනා කොලඩන්ජෙලෝ ද, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න