මෝදි පනත් රිවර්ස් කරයි : ඉන්දීය ගොවීන් ජය සමරයි !

මෝදි පනත් රිවර්ස් කරයි : ඉන්දීය ගොවීන් ජය සමරයි !

ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණවලට හේතු වූ මතභේදාත්මක කෘෂිකාර්මික පනත් 3 අහෝසි කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෘෂි පණත් අහෝසි කළ බව සඳහන් කරමින් උද්ඝෝෂණ අතහැර යළි නිවෙස් වෙත යන ලෙස අගමැති මෝදි ඉල්ලා ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

මේ සමග ඉන්දියාව පුරා සිටින ගෝවීන් ප්‍රීති ඝෝෂා නංනවමින් සිය ජය සමරා රස කැවිලි පවා අනුභව කර ඇති බවත් මාධ්‍ය වාර්තා වල සඳහන් ය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දීය රජය විසින් ගෝවීන්ට සිය නිෂ්පාදන පාලන මිලට ඉහළ මිලකට සෘජුව අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙමින් නීති තුනක් සම්මකර කරගනු ලැබීය.

එමගින් ගොවීන් සිය නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලබැ ගැනීමට අවස්ථාව හිමි වන බවට රජය පැවසුවද එමගින් පුද්ගලික අංශයට කෘෂි කර්මාන්තයට ඇතුලු වීමට අවස්ථාව හිමිවෙන බවට ගොවීහූ චෝදනා කළහ.

ඒ අනුව ගොවීහූ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට නව දිල්ලි නුවරට ආසන්යේ රැදී සිටිමින් සිය විරෝධතා දැක්වූ අතර ජනවාදී 26 පැවති ජනරජ දිනයේ පැවති විරෝධතා දරුණු අතට හැරිණි.

කෙසේ වෙතත් සිය තීරණ වෙනස් කළ මෝදී ජනතාව අමතමින් පවසා ඇත්තේ සිය රජය යහපත් චේතනාවෙන් ගෙන එන ලද නීති ගොවී සහෝදරයින් හට අවබෝධ කරදීමට නොහැකි වූ බැවින් එම නීති හකුලා ගන්නා බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න