Language Switcher

V2025

පාකිස්තානයේ පිපිරීමකින් 15 මරුට

පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබේ.

 අපදද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවට සැකකරන බව විදෙස් වාර්තා සදහන් කරයි.

පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසයි.

අනතුරින් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.