Language Switcher

V2025

ඉතාලිය නැවතත් වැසෙන ලකුණු!

පසුගිය දිනක ඉතාලියේ මිලානෝ නුවර ඔස්පෙදාලෙ සාර්කො හිදී ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිතයකු වාර්තා වීමත් සමග සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් පසුගිය කාළය පුරාවට ලොක්ඩවුන් තත්වයන්ට මුහුණදී දැඩි ආතතියෙන් පසුවූ මෙරට වැසියන් නත්තලේ අසිරිය හා නව අවුරුද්දට මුහුණදීම සඳහා දැඩි උද්යෝගයෙන් කටයුතු කරමින් සිටීම අණතුරු දායක බවත් ඉදිරියේ ඇතිවීමට ඇති තත්වයන් පුරොකථනයන්ට අනුව උපරිමයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කෙරෙන ලෙස සෞඛ්‍ය අංශ දැඩිව ඉල්ලා සිටියහ…..

උත්සව අසිරිය විඳීම නැවත නිවෙස් තුළ විඳවීමට අත වනයිද?

කෙසේ නමුත් විශාල පිරිසක් එන්නත් කිරීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව ක්‍රියා කරමින් සිටීමත්, උත්සව අසිරිය වෙනුවෙන් දෙස් ව්දෙස් සංක්‍රමිකයන්ගේ පැමිණීමත් සමග නැවතත් ආසාදිතයින්ගේ විශාල ඉහළ යාමක් වාර්ථා වී ඇති අතර, එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණයෙන්ම ලභාගත් පිරිස් පවා ආසාදිත උවත් අවදානම් තත්ව ඇති නොවීම නිසා එන්නත්කරනය ඉතා වේගවත් කිරීමට සෞඛ්‍ය අංශ ක්‍රියාකරමින් සිටී….. මේ ව්නවිට දරුවන් එන්නත් කිරීම ආරම්භ කොට ඇති අතර, ඉතාලිය පුරා පාසල්10000ක් පමණ වැසීගොස් ඇති අතර නව පාසල් වාරය ආරම්භයට පෙර එන්නත් කිරීමේ ක්‍රියාවලිය අවසාන කොට පාසල් දරුවන් සුරක්ෂිත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. තවද තෙවන මාත්‍රාවද මේවන විට විශාල පිරිසක් ලභාගෙන ඇති අතර සිව්වන එන්නත් මාත්‍රාව ගැනද සාකච්ඡා ආරම්භවී ඇත…

උත්සව සමය ආරම්භයත් සමගම විශාල සංදර්ශන ආදියට සීමා පනවා පොදු හා මහජනයා එක්‍ රැස් වන ස්තාන සඳහා ග්‍රීන් පාස් අනිවාර්ය කළද මේවනවිට ලොම්බාර්දියා කළාපය කහ පැහැති කළාපයක් ලෙස නම් කළද ඉදිරියේදී තත්වය දිගින් දිගටම තීවෘ වන්නේ නම් රතු කළාප වීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අණතුරු අඟවා ඇත……. පවත්නා තත්වය එතරම්ම සුවදායක නොවන අතර මේ මස 10වනදා පසුවූ පසු ආසාදිතයින් විශාල ගණනින් වැඩිවීමේ ප්‍රභල අවදානමක් ඇත..

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ.

ඉතාලිය.