යුද්ධය නවතනු : ජාත්‍යන්තර අධිකරණයෙන් රුසියාවට නියෝගයක් !

යුද්ධය නවතනු : ජාත්‍යන්තර අධිකරණයෙන් රුසියාවට නියෝගයක් !

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක‍්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය විසින් ඊයේ (16) වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝගයක් නිකුත්කර ඇත.

ඒ රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූවා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් පෙබරවාරි 27, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ය.

එහිදී විනිසුරුවරුන් බෙදුණු තීන්දුවක් නිකුත්කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව විනිසුරුවරුන් 13 ක් මෙම තීරණයට පක්ෂව ඇති අතර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපති රුසියානු ජාතික කිරිල් ජිවෝර්ජියන් සහ චීන ජාතික විනිසුරුවරිය අදාළ තීන්දුවට විරුද්ධ වූ බවත් වාර්තා පවසයි.

කෙසේ වුවත් ජාත්‍යන්තර අධිකරණයට නියෝගය ක‍්‍රියාත්මක කිරීමට රුසියාවට බල කළ හැකි ක‍්‍රමයක් නොමැති බව දේශපාලන විචාරකයන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න