Language Switcher

V2025

චීනයේ යළිත් කොවිඩ් හිස ඔසවයි

චීනයේ යළිත් කොවිඩ් 19 හිස ඔසවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

චීනයේ බීජිං නුවර ස්ථාන රැසක් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මේවන විට යළි ඉහළ යමින් පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව චීනයේ අගනුවර වන බීජිං හි සිකුරාදා සිට ව්‍යායාම ශාලා, වෙළෙඳ සැල්, සිනමා ශාලා සහ මහල් නිවාස කිහිපයක් වසා දැමීමට බලධාරීන් උපදෙස් දී ඇත.

මේවන විට මාසයකට අධික කාලයක් ෂැංහයි නුවර ද වසා දමා තිබේ. ඊට දැඩි ජනතා විරෝධයක් එල්ලවන බවද වාර්තා වේ.