දිල්ලියේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට..

දිල්ලියේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට..

ඉන්දියාවේ දිල්ලි නුවර මහල් 04කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පොලීසිය සැක පළ කරන බවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ, මේ වනවිට ගොඩනැගිල්ලේ සම්පූර්ණ තට්ටුවක් තවමත් සෝදිසි කර නොමැති බැවිනි.

40 කට වැඩි පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, 70 පමණ පිරිසක් ගොඩනැගිල්ලෙන් මුදාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ 20 ක් ද යොදාගෙන තිබේ.

මේ අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජීවිතක්ෂයට පත් වූ පිරිසට සිය ශෝකය ප්‍රකාශ කරමින් හා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.

අගමැති මෝදි ප්‍රකාශ කර සිටියේ, ගින්නෙන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 2ක වන්දි මුදලක් ලබාදෙන බවත්, තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක් ලබා දෙන බවත් ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න