ජපානයේ හිටපු අගමැති ෂෙන්සෝ අබේ : වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට !

ජපානයේ හිටපු අගමැති  ෂෙන්සෝ අබේ : වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට !

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ජන හමුවකට සහභාගී වී, රැස්ව සිටි පිරිස අමතමින් කතා කරමින් සිටින අවස්ථාවේදීය.

වෙඩි තැබීම කළේ පිරිස අතර සිටි අයර්ලන්ත ජාතිකයකු බවත් ආරක්ෂක නිලධාරීන් වහා ඔහු අත්අඩංගුවට ගැණුනු බවත් වාර්තා වේ.

වෙඩි ප්‍රහාරය අග්‍රාමාතවරයාගේ පපුව පසාරු කළ බවත්, සිහිසුන්ව ඇද වැටුණු ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් වෛද්‍ය ආධාරකරුවන් ඔහුට ප්‍රථමාධාර ලබා දෙන්න වූ බවත් ජපානයේ එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කරයි.

ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ ෂෙන්සෝ අබේය. 2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න