ලෝක තරුණ සංවර්ධන සංසදයට චීන ජනපතිගෙන් සුබ පැතුම් !

ලෝක තරුණ සංවර්ධන සංසදයට චීන ජනපතිගෙන් සුබ පැතුම් !

චීන ජනාධිපති ෂී ජින් පිං ලෝක තරුණ සංවර්ධන සංසදයට සුබ පැතුම් පණිවුඩයක් යොමුකරයි.

ලෝක තරුණ සංවර්ධන සංසදය අද(21) බෙයිජිං හිදී ආරම්භ විය. "තරුණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම හා පොදු අනාගතයක් ස්ථාපනය කිරීම" එහි තේමාවයි.

ෂී ජින් පිං  සඳහන් කළේ, චීනය සැමවිටම, තාරුණ්‍යය සමාජ සංවර්ධනය සඳහා වන ජීවමාන බලවේගයක් ලෙස සලකන බවයි.

ලෝක තරුණ සංවර්ධන සංසදය, ලොව තරුණ තරුණියන් ගෝලීය සංවර්ධනයට දායක කරගැනීම සඳහා මෙන්ම, ගෝලීය වශයෙන් තරුණ සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා, වැදගත් වේදිකාවක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව, හෙතෙම පැවසීය.

සෑම රටකම තරුණයන් සාමය, සංවර්ධනය, සාධාරණත්වය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යන, සියලු මනුෂ්‍යයන් සඳහා පොදු සාරධර්ම ප්‍රවර්ධනය කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සහාය විය යුතු බවත්, ෂී ජින් පිං  එහිදී අවධාරණය කළේ ය.

දිනූෂි ධීරසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න