ඉන්ධන හිඟයක් නිසා කියුබාවේ මැයි දින සැමරුම අවලංගු කරලා !

ඉන්ධන හිඟයක් නිසා කියුබාවේ මැයි දින සැමරුම අවලංගු කරලා !

කියුබාව කම්කරු දිනය වෙනුවනේ සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව මෙසේ මැයි දින සැමරුම අවලංගු කර ඇත්තේ කියුබාවේ පවතින ඉන්ධන හිඟය නිසාය .

කියබානු විප්ලවයෙන් පසුව පුරා වසර 60කට වඩා වැඩි කාලයක් සෑම වසරකම කම්කරු දිනයේදී මැයි දිනය සැමරීම සඳහා දහස් සංඛ්‍යාත කියුබානුවන් පිරිසක් හවානා විප්ලව චතුරශ්‍රයට එකතු වූහ.

දීර්ඝ කාලයක් පවත්වා ගෙන ආ සම්ප්‍රදාය කඩ කරමින් මෙවර මැයි දින පෙළපාලිය ප්‍රථම වතාවට අවලංගු කිරීමට කියුබානු රජය කටයුතු කර ඇත.කියුබානු විප්ලවය 1959 වසරේදී දියත් කරන ලදි.

පසුගිය සති කීපයේදී කියුබාවේ ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන ලබා ගැනීම සඳහා රියදුරෝ දවස් ගණන් පෝලිම්වල රැඳී සිටියහ.

කියුබාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් පමණක් ලැබෙන බවත් සැපයුම්කරුවන් ගිවිසුම්ගත බැඳීම් සපුරාලීමට අපොහොසත් වී ඇති බවත් පසුගිය අප්‍රේල් මස මුලදී කියබානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න