කියුබාවේ සුක්කානමට කැස්ත්‍රෝලා සමුදෙයි : නව නායකයා මිගුයිල් ඩයාස් කැන්ල්

කියුබාවේ සුක්කානමට කැස්ත්‍රෝලා සමුදෙයි : නව නායකයා මිගුයිල් ඩයාස් කැන්ල්

කියුබාවේ වසර 60 ක කැස්ත්‍රෝ පාලනය අවසන් කරමින් වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ සිය ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.කියුබාවේ වසර 60 ක කැස්ත්‍රෝ පාලනය අවසන් කරමින් වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ සිය ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව නව ජනාධිපතිවරයා ලෙස එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇත්තේ එරට ප්‍රථම උප ජනපති වන මිගුයිල් ඩයාස් කැන්ල් වෙතය.

86 හැවිරිදි රවුල් කැස්ත්‍රෝ, සිය වැඩිමහල් සහෝදරයා වන ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු, වසර 10 ක් කියුබානු ජනපති ලෙස කටයුතු කරනු ලැබූ අතර මේ  අනුව කැස්ත්‍රෝ සහෝදරයින්ට පසුව තරුණ කොමියුනිස්ට් පාක්ෂිකයෙකු කියුබානු ජනපති ධුරයට පත්වීම ඓතිහාසික සිදුවීමක් බවට පත්ව ඇත.

ඩයාස් කැනල් 20 වන වියේදී සිය දේශපාලන ගමන ඇරඹුවේ කියුබානු කොමියුනිස්ට් ලීගයේ තරුණ ක්‍රියාකරුවෙකු ලෙසින් වන අතර ඔහු වයස අවුරුදු 33 දී තරුණ ක්‍රියාකාරීන්ගේ කොමියුනිස්ට් ලීගයේ දෙවැනි ලේකම්වරයා බවට පත්විය.

එසේම ඔහු ඉංන්ජිනේරු තාක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙසද  කටයුතු කර ඇත. 

කෙසේවුවත් ධුරයෙන් විශ්‍රාම ගියත් රාවුල් කැස්ත්‍රෝ කියුබානු රජයේ ජේෂ්ඨ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීමේ සුදානමක් ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි.

880x495 cmsv2 75dfe1ae 9682 55f6 88eb d8f9c6aa4b7e 3133782

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න