උතුරු කොරියාව කඩිනමින් න්‍යෂ්ටික - මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතයි !

උතුරු කොරියාව කඩිනමින් න්‍යෂ්ටික - මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතයි !

උතුරු කොරියාව කඩිනමින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතා දමන බවත් න්‍යෂ්ටික පරීක්ෂණ සිදු කරන වැඩබිමක් වසා දමන බවත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. උතුරු කොරියාව කඩිනමින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතා දමන බවත් න්‍යෂ්ටික පරීක්ෂණ සිදු කරන වැඩබිමක් වසා දමන බවත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

කොරියානු අර්ධද්වීපයට සාමය ගෙන ඒමටත් ආර්ථික වර්ධනය කෙරෙහි යොමු කිරීම අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් න්‍යෂ්ටික අවි නිපදවීමේ ඉලක්කය සපුරා ගෙන ඇති බැවින් රටට තවදුරටත් න්‍යෂ්ටික හෝ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පවසා තිබෙන බවද එම වාර්ත වල සඳහන්ව ඇත.

එසේම අසල්වැසි රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප, ක්‍රියාශීලි සහ මිත්‍රශීලි සංවාදයක් ඇති කරගන්නා බවත් උතුරු කොරියානු නායකයා සඳහන් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 

උතුරු කොරියානු නායකයා එළඹෙන සතියේදී  සතියේදී දකුණු කොරියානු නායක මූන් ජායි ඉන් සහ මැයි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට නියමිතව ඇති බවත් එවැනි මොහොතක ගෙන ඇති මෙම තීරණය ලෝක සාමයට වැදගත් කාරණයක් බවද සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න