ඩ්‍රෝන යානාවක් නිසා සෞදි රජ මාලිගයේ වෙඩි වාරුසාවක්

ඩ්‍රෝන යානාවක් නිසා සෞදි රජ මාලිගයේ වෙඩි වාරුසාවක්

සෞදි අරාබියේ රියාද් අගනුවර රාජකීය මාළිගාවේ ඇතුළුවීම සීමා කර ඇති කලාපයට ඩ්‍රෝන යානාව පැමිණීමත් සමග ඊට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වෙයි.සෞදි අරාබියේ රියාද් අගනුවර රාජකීය මාළිගාවේ ඇතුළුවීම සීමා කර ඇති කලාපයට ඩ්‍රෝන යානාව පැමිණීමත් සමග ඊට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව මෙසේ රජ මාලිගයේ ආරක්ෂක කළාපයට ඇතුල්ව තිබෙන්නේ දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියා කරවන විශේෂයෙන් විනෝදය සඳහා යොදා ගැනෙන ඩ්‍රෝන යානාවක් වන අතර ආරක්ෂක හමුදා වෙඩි ප්‍රහාර හේතුවෙන් එය විනාශවී ඇත.

සමාජ ජාල වාර්තා වල සඳහන්ව ඇත්තේ සෞදි රාජකීය මාලිගයේ ආරක්ෂකයින් ඩ්‍රෝන යානාව දැකීමත් සමඟ කම්පනයට පත්ව එක දිගට ඒ වෙත වෙඩි වරුසාවක් එල්ල කල බවත් මිනිත්තු කිහිපයක් පුරා අඛණ්ඩව එය සිදුවූ බවත්ය. 

එහෙත් විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට සෞදි ආරක්ෂක අංශ මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සලකා නොමැති අතර  නමුත් මාලිගය අවට ආරක්ෂාව වැඩි කර අදාළ ඩ්‍රෝන යානාව මාලිගය දෙසට යොමුකළ පාර්ශවය සොයා ගැනීම සඳහාද විමර්ශන දියත්කර ඇත. 

වෙඩි ප්‍රහාර එල්ල වන අවස්ථාවේ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර කෙසේ වෙතත් එම වෙඩි ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

https://www.youtube.com/watch?time_continue=12&v=cJNnpzHgmVA

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න