යුරෝපය WhatsApp භාවිතයේ වයස් සීමාව ඉහළ දමයි

යුරෝපය WhatsApp භාවිතයේ වයස් සීමාව ඉහළ දමයි

යුරෝපා කලාපයේ  WhatsApp අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි  අවම වයස් සීමාව මේවන විට පවතින්නේ අවුරුදු 13 ක වුවත් එය වෙනස් කිරීමේ තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.යුරෝපා කලාපයේ  WhatsApp අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි  අවම වයස් සීමාව මේවන විට පවතින්නේ අවුරුදු 13 ක වුවත් එය වෙනස් කිරීමේ තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ අමගම විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව WhatsApp භාවිත කල හැකි නව වයස් සීමාව වන්නේ අවුරුදු 16 යි.

WhatsApp මේ වන විට ෆේස්බුක් සමාගමට අයත් අතර යුරෝපා සංගමය ඉකුත් මැයි මාසයේදී හඳුන්වාදුන් දත්තවල පෞද්ගලිකත්වය සුරැකීමේ රෙගුලාසි අනුගමනය කරමින් මෙම තීරණය ගත බවද එම සමාගම සඳහන් කර ඇත.

ඒ  අනුව ඉදිරියේදී WhatsApp භාවිතා කිරීමේදී යුරෝපා සංගමයේ රටවල දිවිගෙවන පුද්ගලයින්ට සිය වයස තහවුරු කිරීමට සිදුවනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න