කොරියානු නායක හමුව : ලෝක නායකයින්ගේ පැසසුමට

කොරියානු නායක හමුව : ලෝක නායකයින්ගේ පැසසුමට

කොරියානු රාජ්‍ය නායක හමුව සම්බන්ධයෙන් ලෝක නායකයින් සුබවාදී ප්‍රතිචාර දක්වන්නට ගෙන ඇත.

මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යංශය සඳහන් මේ හරහා  කොරියානු අර්ධද්වීපයේ දිගුකාලීන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සංධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇති බවත් අදාළ හමුව වෙනුවෙන් දෙරටේම නායකයන්ගේ ධෛර්යය සහ කැපවීම කැපීපෙනුණු බවය.

ජපානයේ අගමැති ෂින්සෝ අබේ ද මෙම හමුව   “ශුභවාදී පියවරක්” ලෙස හඳුන්වාදී තිබූ අතර නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් ද කොරියානු නායක හමුවේ  තීරණ පසසා තිබිණ.

එසේම ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්වීටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ යහපත් දෙයක් සිදුවෙමින් පවතින බවත් සියල්ල කාලය විසින් තීරණය කරනු ඇති බවත්ය. එසේම කොරියානු නායක හමුව යතාර්ථයක් කිරීම ගැන චීන ජනාධිපතිවරයාවද සිහිපත් කර තිබිණ.

ට්‍රම්ප් නිකුත් කළ ට්වීටර් පණිවිඩ

කරය

කරය2

තවද මේ වන විට කොරියානු නායකයන් දෙදෙනාගේ ඒකාබද්ධ නිවේදනයේ කරුණු විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇති අතර ඒ අතුරින්,  

කොරියානු රාජ්‍යයන් දෙක අතර එදිරිවාදිකම් අත්හිටුවීම 

එදිරිවාදී ගුවන් විදුලි ප්‍රචාර නවතා දැමීම

 රට බෙදා වෙන් කරන සටන් මුක්ත කලාපය "සාම කලාපයක්" කිරීම 

හමුදා උණුසුම අඩුකිරීම සඳහා  කලාපය තුළ රඳවා තිබෙන ආයුධ අඩු කිරීම

ඇමෙරිකාව සහ චීනය ද ඇතුළත් ත්‍රිපාර්ශ්වික සාකච්ඡා සඳහා ප්‍රයත්න දැරීම 

කොරියානු යුද්ධය නිසා බෙදා වෙන් කෙරුණු පවුල්වල සාමාජිකයන් යළි එකමුතු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම

දේශසීමාව ඔස්සේ දිවෙන දුම්රිය සහ මහා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ භාවිතයට ගැනීම

2018පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා  ඒකාබද්ධ කොරියානු කණ්ඩායම සහභාගි කරවීම, යන කරනා ප්‍රධාන වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න