පළමු ඇෆ්ගන් ගුවන් නියමුවරියට ඇමරිකාවේ රැකවරණය

පළමු ඇෆ්ගන් ගුවන් නියමුවරියට ඇමරිකාවේ රැකවරණය

ඇෆ්ගන් ගුවන් හමුදාවේ පළමු ගුවන් නියමුවරිය වූ කපිතාන් නිලුෆර් රහමානිට ඇමරිකාවේ දේශපාලන රැකවරණ පැතීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඇය ඇමරිකාවට ගොස් ඇති අතර ඇමරිකාවට පැමිණීමෙන් තම ජීවිතය අනවශ්‍ය අවධානමකින් මිදුණු බව ඇය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වන විට 27 හැවිරිදි වියේ පසුවන නිලුෆර් 2015 වසරේ ගුවන් නියමුවරියක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුව ලබා ඇති අතර කලක් ඇයට තම පවුලෙන් මෙන්ම ඇතැම් ඇෆ්ගන් නිලධාරීන්ගෙන්ද තර්ජන එල්ලවූ බවද ඇය සඳහන් කර ඇත.

මේ වන විට ඇයගේ ඇමරිකානු ගමනට ඇෆ්ගන් බලධාරීන්ද අනුමැතිය ලබාදී ඇත.

CUYcoxgWoAA3h5i

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න