Language Switcher

V2025

උතුරු -දකුණු කොරියාවේ වේලාව එකක් වෙයි

කොරියානු දෙරටේ නායකයින් අතර පැවති ඓතිහාසික හමුවෙන් පසුව දකුණු කොරියාවට සම වන පරිදි උතුරු කොරියාව සිය වේලාව වෙනස් කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට  දකුණු කොරියානු වේලාවට සමාන වන පරිදි උතුරු කොරියානු වේලාව මිනිත්තු 30 ක් පමණ ඉදිරියට ගෙනවිත් ඇති බව සඳහන් වේ.

මෙය කොරියානු දෙරට ඒකාබද්ධ කිරීමේ පළමු ප්‍රායෝගික පියවර බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.