පූතින් හෙට දිවුරුම් දෙයි : විරෝධතා කරුවන් 1000ක් දැනටම රිමාන්ඩ්

පූතින් හෙට දිවුරුම් දෙයි : විරෝධතා කරුවන් 1000ක් දැනටම රිමාන්ඩ්

පසුගිය මාර්තු මාසයේ පැවති රුසියානු ජනාධිපතිවරණය 76% ක වාර්තාගත ජන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කල  ව්ලැදිමීර් පුතින්  යළි රුසියාවේ ජනාධිපතිවරයා ලෙස හෙට (07) දිවුරුම්දීමට නියමිත අතර ඊට එරෙහිව රුසියාව පුරා විරෝධතා මාලාවක් දියත් කරන්නට එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි කටයුතු කර ඇත.

මෙම විරෝධතාකරුවන් පවසන්නේ පුතින් යළි බලය ලබාගත්තේ සාධාරණ ආකාරයකින් නොවන බවය.

කෙසේ වුවත් විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ මේ වන විට පුතින් දිවුරුම්දීමේ අවස්ථාවට විරෝධය පෑ ඇලෙක්සි නවාල්නි ඇතුළු 1000 කට අධික විරෝධතාකරුවන් ප්‍රමාණයක් රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ව්ලැදිමීර් පුතින් වාර 25ක පමණ කාලයක සිට රුසියාව සිය දේශපාලන අණසකට නතුකරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණය සඳහා එරට ප්‍රධාන විපක්ෂනායක ලෙස පෙනී සිටින නවාලිනි වෙත මැතිවරණ අපේක්ෂකත්වයද ප්‍රතික්ෂේපව තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න