මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ශ්‍රී ලංකිකයින් 08 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබේ.
ඔවුන් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගන්නා බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පැවසීය.
මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රඳවාගෙන විවිධ පරිගණක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව මීට පෙරද වාර්තා විය.
මේ පිරිස මියන්මාරයට රැගෙන ගොස් තිබුණේ පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බව පවසමිනි.
මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් 48 දෙනා ද කඩිනමින් මුදා ගන්නා බව තානාපතිවරයා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
