චීනයටත් ගංවතුර.......

චීනයටත් ගංවතුර.......

චීනයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 60 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ සිට රටේ දකුණේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් ඇති වූ අතර ගංවතුර සහ නායයෑම් ඇති වී ඇත.

ඉදිරි දින තුන සඳහා පළාත් අටකට සහ අන්හුයි සහ හුනාන් පළාත් ඇතුළු මහ නගර සභාවලට වැසි කුණාටු සඳහා ජාතික කාලගුණ මධ්‍යස්ථානය ඉහළම මට්ටම වන රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වාර්ෂික ගංවතුර සමය කලින් ආරම්භ වූ දා සිට දකුණු චීනයට අධික වර්ෂාපතනයක් ඇති වී ඇති අතර, පහත් බිම්වල නිවාස දහස් ගණනක් විනාශ වී මාර්ග සහ බෝගවලට හානි සිදු වී ඇති බවත්, චීනයේ හුනාන් පළාතට ගංවතුරෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති අතර නිවාස දහස් ගණනක් විනාශවී ඇතැයි ද සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න