නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාලයේ කත්මණ්ඩු අගනුවරින් අද (ජූලි 24) ගමන් ආරම්භ කර පියාසර කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් ව ඇත.

එරට වේලාවෙන් උදෑසන 11:15ට පමණ අනතුර සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුරින් ගුවන් නියමුවා පමණක් දිවි ගලවා ගෙන ඇති බව ත් ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ත් ය.

සෞර්යා ගුවන් සේවයේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, පරීක්ෂණ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානය කඩා වැටී ගිනි ගෙන ඇති බව ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න