එවරස්ට් කර්මා නිම්නයේ සිරවූ පිරිස් සොයා මෙහෙයුම්

එවරස්ට් කර්මා නිම්නයේ සිරවූ පිරිස් සොයා මෙහෙයුම්

ඉකුත් සති අන්තයේ, හදිසි හිම කුණාටුවකට  මැදි වූ තිබ්බතයේ නැගෙනහිර මුහුණතේ පිහිටි  කලාපයේ, එවරස්ට් කඳු තරණයේ  යෙදී සිටි 200කට අධික කඳු නගින්නන් පිරිසක්  මුදා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇතැයි වාර්තා වේ.   ඊයේ (06) ආරම්භ වූ එම මුදා ගැනීමේ මෙහෙයුම් අද (07) අවසන් වීමට නියමිතය.

එවරස්ට් තරණයේ යෙදී සිටියදී, එම  හිම කුණාටුව හේතුවෙන් තිබ්බතයේ  කර්මා (Karma) නිම්නයේ  අතරමං  වී සිටි  350කට අධික පිරිසක් ප්‍රාදේශීය මුදා ගැනීමේ  කණ්ඩායම් විසින් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ඒමට කටයුතු කෙරිණි. ආරක්‍ෂිත ස්ථාන කරා ලඟා වීමට,  දැඩි හිම පතන මධ්‍යයේ කි. මී. 18ක -  19ක දුරක් 'පයින්' ගමන් කිරීමට ඔවුන්ට සිදු විය.  

ඔක්තෝබර 1 දා ඇරඹි ජාතික දින නිවාඩු සමයේ එවරස්ට් කඳු  තරණයට චීන ජාතිකයින් රැසක්  එක්ව සිටි බව වාර්තා වේ.  මුහුදු මට්ටමේ සිට මීටර් 4,200ක උසකින් පිහිටි කර්මා නිම්නයේ හදිසි හිම කුණාටුව සිකුරාදා (03) සන්ධ්‍යාවේ හට ගත්තේය. එය සෙනසුරාදා (04) දිනයේද  අඛණ්ඩව පැවතිණි.

මීට ශත වර්ෂයකට පමණ ඉහත, බටහිර රටවල කඳු නගින්නන් විසින් මුලින්ම තරණය කරන ලද කර්මා නිම්නය, එවරස්ට් කලාපයේ පිහිටි අති  පෞරාණික කොටසක් සේ සැලකේ.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/7/2025


Evacuation of stranded Everest trekkers set to wrap up on Tuesday, source says


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න