ගාසා  සාම කතා ධනාත්මකයි

ගාසා  සාම කතා ධනාත්මකයි

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ කරුණු 20කින් යුත් සාම යෝජනාවලියට හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊයේ (07) සිය ප්‍රසාදය පළ කළේය.

කටාර් අගමැති සහ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ සාම නියෝජිතයෝ, ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සමග වක්‍ර සාකච්ඡාවලට සහභාගී වීම  පිණිස ඊයේ ඊජිප්තුව වෙත  ලඟා වූහ.  

ගාසා ගනුදෙනුව සාර්ථක වනු ඇතැයි ධනාත්මක මතයක පසු වන බව ජනපති ට්‍රම්ප්  පැවසීය. එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ  ජනපති ට්‍රම්ප් ගේ බෑණා  වන   ජෙරාඩ් කුෂ්නර් (Jared Kushner) ද ඊජිප්තුව බලා පිටත් වූ එක්සත් ජනපද නියෝජිත පිරිස අතර වෙති. කුෂ්නර්, ජනපති ට්‍රම්ප් ගේ පළමු ධුර කාලයේ ඔහුගේ  මැද පෙරදිග විශේෂ නියෝජිත ලෙස ද කටයුතු කළේය.

සිය සාම සැලැස්ම හුදු ගාසා තීරය  පමණක් නොව  සමස්ත මැද පෙරදිග කලාපයම ඉලක්ක කර සකස් කළ එකක් බව වොෂින්ටනයේදී, මාධ්‍ය  ඇමතූ ජනපති ට්‍රම්ප් කියා  සිටියේය.

ඊජිප්තුවේ පැවැත්වෙන අද (08) සාකච්ඡා  පෙර දෙදිනටම වඩා සාර්ථක වනු ඇතැයි   අනුමාන කෙරේ. එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ කටාර් අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි   (Sheikh Mohammed bin Abdulrahman al-Thani)  ද ඊට සහභාගී වීමට නියමිතය. ගාසා සාම  සැලැස්ම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ කරුණු අද සාකච්ඡාවන්ට ඇතුළත් වේ.  


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/8/2025



Hamas says on war anniversary it's ready to reach Gaza deal, but conditions remain

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න