ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් (Himachal Pradesh) කඳුකර ප්‍රාන්තයේ බස් රථයක් මතට ඊයේ (07), පස් කන්දක් කඩා වැටී සිදු වූ අනතුරකින් 15 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි වාර්තා වේ.
අනතුරින්, කුඩා දරුවන් දෙදෙනකු තුවාළ ලබා තවත් දරුවකු අතුරුදන් ව ඇතැයි, ජාතික විපත් ප්‍රතිචාර බලකායේ (NDRF) සහකාර අණදෙන නිලධාරී කරම් සිඞ් (Karam Singh) මාධ්‍යයට පැවසීය.
මියගිය පිරිස අතර, පිරිමි පුද්ගලයින් 9 දෙනෙක්, කාන්තාවන් සිව් දෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනක් වෙති.
පස් කන්ද නාය යාමෙන් යටවූ බස් රථයේ සුන් බුන්වලට සිරවී සිටි එහි ගමන් ගත මගීන් 18 දෙනකු සොයා මුදා ගැනීම් කණ්ඩායම් වහා මෙහෙයුම් දියත් කළහ. පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.
ඉන්දීය හිමාල කලාපය වෙත සතිය පුරා ඇදහැළෙන අධික වර්ෂාපතනයෙන් ප්‍රදේශයේ ජල ගැලීම් රැසක් ද හට ගෙන තිබේ.
එම අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදු වූ අනතුරු වලින්, බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ දාර්ජීලින් (Darjeeling) දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 23 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇතැයි, වාර්තා වේ. එම අනතුරුවලින් අසල්වැසි නේපාලයේ මියගිය සංඛ්‍යාව 50ක් වන අතර මහාමාර්ග, නිවාස සහ දේපල රැසක් ද ජලයෙන් යටවී විනාශව තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/8/2025
Death toll climbs to 15 after landslide hits bus in India's Himachal Pradesh

