ගාසා සටන් විරාම කතා බහ මැද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් පිලිබඳ ලේඛන හුවමාරු වේ

ගාසා සටන් විරාම කතා බහ මැද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් පිලිබඳ ලේඛන හුවමාරු වේ

හමාස් සංවිධානය භාරයේ සිටින, නිදහස් කිරීමට නියමිත, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් පිලිබඳ නාම ලේඛනය සහ ඊශ්‍රායල හමුදා භාරයේ පසුවන පලස්තීන සිරකරුවන්ගේ නාම ලේඛනය අද (08), දෙපාර්ශ්වය අතර හුවමාරු වූ බව එම සංවිධානය නිවේදනයක් මගින් දන්වා සිටී. ඒ, ඊජිප්තුවේ පැවැත්වෙන ගාසා සටන් විරාම සාකච්ඡා අතරතුර ය.

එක්සත් ජනපද ජනපති, ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර ඇති, කරුණු 20කින් සමන්විත, අදියර කිහිපයකින් යුත් එම සටන් විරාම යෝජනාවලියේ පළමු අදියර ක්‍රියාවට නැංවෙන නිශ්චිත කාල වකවානු පිලිබඳ, දෙපාර්ශ්වය මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැත. කෙසේ වෙතත්, ඒ සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස සියළු මැදහත් පාර්ශ්ව බල කර සිටිති.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සමීපතමයකු වන එරට උපාය මාර්ගික කටයුතු පිලිබඳ අමාත්‍ය, රොන් ඩර්මර් (Ron Dermer) අද සාකච්ඡා පිණිස සහභාගී වීමට නියමිතය. තුර්කි රාජ්‍යයේ බුද්ධි විශේෂඥයකු වන ඉබ්‍රහිම් කාලින් ( Ibrahim Kalin) ද ඊට එක්වේ.

හමාස් සංවිධානය, ගාසා තීරයේ තිරසර සහ පූර්ණ සටන් විරාමයක් ඉල්ලා සිටී. ඒ සඳහා ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් මුළුමනින් ඉවත් විය යුතු බවත්, පලස්තීන ජාතික තාක්ෂණික කමිටුවක් යටතේ, එහි පූර්ණ ප්‍රතිසංස්කරණ වහා ආරම්භ කළයුතු බවත්, ඔවුහු අවධාරණය කරති.

එසේනම්, හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවට ඊශ්‍රායල පාර්ශ්වයෙන් වන යෝජනාව, එම සංවිධානය තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය වහා දැනට පවතින සටන් නතර කර දෙපාර්ශ්වය අතර ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කර ගැනීමේ කටයුතු කඩිනම් කළ යුතු බව එක්සත් ජනපද මතයයි.

 (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/8/2025

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න