ගාසා සටන් විරාමය ක්‍රියාත්මකයි - ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පැය 72කින්

ගාසා සටන් විරාමය ක්‍රියාත්මකයි - ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පැය 72කින්

ගාසා තීරයේ සටන් විරාමය ඇරඹේ. එහි ඇතැම් ප්‍රදේශ වෙතින් ඊශ්‍රායල හමුදා ඉවත් වීම අද (10) ආරම්භ විය. පලස්තීන ජනයා ගාසා නගරයේ යුද්ධයෙන් සුනු විසුණු වී ගිය සිය නිවෙස් කරා යළි පැමිණෙනු දුටු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊයේ (09) පැවති ආරක්ෂක කැබිනට් සාකච්ඡා වලින් අනතුරුව ඊශ්‍රායල රජය අද උදෑසන, හමාස් සංවිධානය සමග සටන් විරාමය ප්‍රකාශයට පත් කළේය. ඉදිරි පැය 72 ක කාලය තුළ හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතුය.

හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ජීවිතක්ෂයට පත් සියළු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු නිදහස් කිරීමට අදාළ සැලසුමට ඊශ්‍රායල රජය මේ දැන් අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුගේ ඉංග්‍රීසි බසින් පළවන එක්ස් (X) ගිණුමේ සඳහන් කර තිබේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/10/2025


මුලාශ්‍රය :

Gazans return to wrecked homes as Israeli forces pull back under ceasefire

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න