Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

සටන් විරාමයේ ඊශ්‍රායලය ෆාටා සිරකරුවන් නිදහස් කරන්නේ නෑ

සටන් විරාම ගිවිසුම් ප්‍රකාරව සිය හමුදා භාරයේ පසුවන හමාස් සිරකරුවන් 11 දෙනකු නිදහස් කරන බව ඊශ්‍රායල හමුදා ගුවන් විදුලිය අද (10) නිවේදනය කළේය.

එම ගිවිසුම් ප්‍රකාරව ෆාටා (Fatah ) සංවිධානයට අයත් සිරකරුවන් 11 දෙනකු නිදහස් කිරීමට මීට පෙර නියමිතව තිබිණි. එහෙත්, ඒ සම්බන්ධයෙන් අවසන් මොහොතේ සිදු කළ වෙනස් වීම් හේතුවෙන් නව තීරණය ගත් බව හමුදා ගුවන් විදුලි නිවේදනයේ දැක්වේ.

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වී පැය 72ක් තුළ හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දනකු නිදහස් කිරීමට නියමිතය.

ඊශ්‍රායලය විසින් නිදහස් කෙරෙන මුල් සිරකරුවන් 11 දෙනාට අමතරව, දීර්ඝ කාලයක් ඊශ්‍රායල සිර භාරයේ පසුවන පලස්තීනුවන් 250 දෙනකු සහ 2023 ඔක්තෝබර 07 ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට පත් පලස්තීනුවන් 1,700ක් ද නිදහස් කෙරේ.

 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/10/2025

 මුලාශ්‍රය :

Israel to swap 11 Hamas prisoners instead of Fatah inmates under Gaza deal, army radio says