රාජ්‍ය සේවය වසා දැමීම යටතේ එක්ස්ත් ජනපදය සිසාරා දස දහස් සංඛ්‍යාත රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි වෙමින් පවතී.
ඒ අනුව, එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, එක්සත් ජනපද සෞඛ්‍ය ඒජන්සිය, දේශීය ආදායම් සේවය, අධ්‍යාපන දෙපාර්තමේන්තු, රාජ්‍ය වාණිජ ආයතන සහ අභ්‍යන්තර ආරක්ෂක සේවය යටතේ ඇති සයිබර් ආරක්ෂක කොට්ඨාශය වැනි රාජ්‍ය සේවයේ ආයතන රැසක සුවිසල් රැකියා කප්පාදුවක් සිදු කෙරෙමින් පවතී.
අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය ආයතන වසා දැමීමට ට්‍රම්ප් රජය ගත් තීරණයත් සමග 300,000කට අධික සිවිල් සේවක සංඛ්‍යාවකට මේ වන විටත් රැකියා අහිමි වී ඇතැයි වාර්තා වේ.
ජනපති ට්‍රම්ප් විසින් ඒ පිලිබඳ පූර්ණ වගකීම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වෙත පවරා තිබේ. පාර්ලිමේන්තුවේ සහ සෙනෙට් සභාවේ බහුතර බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයින් සතුව පැවතියද, සෙනෙට් සභාවට රාජ්‍ය අරමුදල් සම්පාදනය පිණිස ඩිමොක්‍රටික් පාක්ෂිකන්ගේ ඡන්දය අනිවාර්ය වේ. එම ඡන්දය නොලැබී යාමෙන්, එක්සත් ජනපද ෆෙඩරල් රජය අදියරෙන් අදියර වසා දැමීමට, ජනපති ට්‍රම්ප් ගත් තීරණයත් සමග හටගත් ගැටළුකාරී තත්ත්වය මේ වන විට, උත්සන්න වී තිබේ. එම තීරණයත් සමග බොහෝ රාජ්‍ය ආයතන අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම වසාදැමීමට පියවර ගැනෙමින් පවතී.
ෆෙඩරල් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම පිණිස, කොන්ග්‍රසය විසින් අදාළ අය වැය හෝ තාවකාලික අරමුදල් අනුමත නොකිරීම ඊට හේතුවයි.
බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් වැටුප් රහිත අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති අතර තවත් පිරිස් වෙත නියමිත් වැටුප් පොරොත්තුවෙන් තොරව සේවයේ යෙදීම අනිවාර්ය කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/11/2025