රයිසින් කාශ්මීර් පුවත්පතේ කර්තෘවරයාව වෙඩි තබා ඝාතනය කරයි !

රයිසින් කාශ්මීර් පුවත්පතේ කර්තෘවරයාව වෙඩි තබා ඝාතනය කරයි !

කාශ්මීරයේ ශ්‍රී නගර්හිදී සන්නද්ධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ රයිසින් කාශ්මීර් පුවත්පතේ කර්තෘ සුජාට් බුකාරිගේ(52) අවමංගල්‍ය කටයුතු  15 වනදා සිදුකර ඇති අතර ඊට දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයක් පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

යතුරුපැදියකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි 3 දෙනෙකු පසුගිය 14 වනදා ඔහුව වෙඩි තබා ඝාතනය කළ අතර, එම සිදුවීම  CCTV කැමරාවල සටහන් වී තිබූ බවද  ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

කාශ්මීරයේ බෙදුම්වාදී අරගලය පිළිබඳ වාර්තාකරණය හේතුවෙන් සුජාට් බුකාරි වෙත ත්‍රස්තවාදීන්ගේ තර්ජන පැවති බවත් එම වාර්තාවල සඳහන්ව ඇත.

සුජාට් බුකාරි අවසන් වරට නිකුත් කළ ට්විටර් පුවත වී ඇත්තේ කාශ්මීර ජනතාවගේ මානව හිමිකම් උල්ලංගණය වීම පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශයකි.

Captureaswe

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න