FIFA තරගාවලියට : ත්‍රස්ත සංවිධාන අනතුරු අඟවයි !

FIFA තරගාවලියට : ත්‍රස්ත සංවිධාන අනතුරු අඟවයි !

රුසියාවේ පැවැත්වෙන 2018 ලෝක ශුරතා පාපන්දු තරගාවලිය ඩ්‍රෝන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බවට ත්‍රස්ත සංවිධාන  අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයි.එස් සංවිධානයද  මීට පෙර වීඩියෝ දර්ශන පෙළක් සමඟ   ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවූ අතර  පාපන්දු තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන විනාශ වන අයුරු එම විඩියෝවල  ප්‍රදර්ශනය කර තිබිණ.

ඉරාකය සහ සිරියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අයි.එස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. කෙසේ වුවත් රුසියාව සඳහන් කර ඇත්තේ තම රටේ ක්‍රීඩාංගන ආශ්‍රිතව ශක්තිමත් ආරක්ෂාවක් යොදවා ඇති බවය. එසේම ආරක්ෂක අංශ ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම් බවද ඔවුන් දැනුම්දී ඇති බවද මාධ්‍ය වාර්තා වල දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න