චීනුන් හඳේ සිටවූ පුළුන් බීජ දළු දාලා !

චීනුන් හඳේ සිටවූ පුළුන් බීජ දළු දාලා !

සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ ප්‍රථම අවස්ථාව ලෙස ලෝක ඉතිහාසයට එක්වෙමින්, සඳ මත සිටවූ පුළුන් බීජ දළු දමා ඇති බව චීන රජයේ මාධ්‍ය අද (15) අනාවරණය කළේය.

චීනය විසින් පසුගිය 3දා සඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ Chang'e 4 අභ්‍යවකාශ යානා මෙහෙයුම අතරතුර ඔවුන් මෙම වැදගත් පියවර සනිටුහන් කර තිබේ. සඳෙහි පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම මෙම මෙහෙයුමේ මූලික කර්තව්‍යය විය.

මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශාක රෝපණයක් සිදුකර තිබුණද, සඳ මත මීට පෙර ශාක රෝපණය සිදුකර නොතිබුණි. මේ ආකාරයෙන් සඳ මත ශාක රෝපණයක් සිදුකළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලට මහත් රුකුලක් වනු ඇති බව විද්‍යාඥයෝ පවසති. එනම්, ගගනගාමීන්ට ආහාර රැගෙන යාම සඳහා යළි පෘථිවියට නොපැමිණ අභ්‍යවකාශය මතම සිය ආහාර නිෂ්පාදනය සිදු කරගත හැකි වනු ඇත.

චීනයේ Chang'e 4 අභ්‍යවකාශ යානය මගින් පුළුන් බීජ, අර්තාපල් බීජ, යීස්ට් සහ බිම්මල් බීජ ආදිය යෙදූ පස් සාම්පල මෙහිදී සඳ වෙත රැගෙන ගොස් ඇති අතර, මෙම ශාක යානය තුළ ඇති මුද්‍රා තැබූ බහාලුම්වල තැන්පත් කර තබා ඇත. ඒ අනුව, මෙම වගාව හරහා කෘත්‍රිම හා ස්වයංපෝෂිත ජෛව ගෝලයක් නිර්මාණය කිරීමට චීනය අපේක්ෂා කරයි.

මෙම පර්යේෂණයේ ප්‍රධානියා වන මහාචාර්ය ෂී ජෙන්ග්ෂින් සවුත් චයිනා මෝර්නිං පුවත්පතට පවසා තිබුණේ, අනාගතයේදී අභ්‍යවකශය මත ජීවත්වීම ගැන ඔවුන් සැලකිල්ලක් දැක්වූ බවය. එමෙන්ම, ගුරුත්වාකරණය අඩු පරිසරයක මෙසේ ශාක වර්ධනය වන ආකාරය අධ්‍යයනය කිරීමෙන්, සිය අනාගත අභ්‍යවකාශ තරණයන්ට පදනම් සකස් කිරීමක් සිදුවන බවද හෙතෙම අවධාරණය කර තිබේ. එමෙන්ම, පුළුන් වගා කිරීමෙන් ගගනගාමීන්ට අවශ්‍ය ඇඳුම් සකසා ගත හැකි අතර, අර්තාපල් මගින් ආහාර සහ සෙසු බීජවලින් තෙල් සකස් කර ගත හැකි වනු ඇති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න