ඊජිප්තුවෙන් තවත් මමී මතුවේ !

ඊජිප්තුවෙන් තවත් මමී මතුවේ !

ටොලමෙයික යුගයට (ක්‍රි.පූ. 305 - 30) අයත් මමී 50 ක් ඊජිප්තු පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඇතැයි එරට පුරාවිද්‍යා අමාත්‍යාංශය පවසයි.

එසේ හමුවූ මමිවලින් 12 ක් දරුවන්ගේ ය. කයිරෝ අගනුවරට දකුණින් පිහිටි මින්යාහි ටුනා එල්- ගබෙල් ගවේෂණ බිමේ මීටර 9ක් (අඩි 30) ගැඹුරින් වූ භූමදාන කුටිවලින් එම මමී සොයාගෙන තිබේ.

ඉන් ඇතැම් ඒවා රෙදිවලින් ඔතා තිබූ අතර සෙසු මමී පාෂාණවලින් තැනුණු දෙන තුළ මෙන් ම දැවයෙන් තැනුණු දෙනවල බහා තිබිණි.

එම මමිවල අනන්‍යතාව නොදන්නා නමුදු ඔවුන් වැදගත් තැනක ලා සලකන ලද්දන් විය හැකි බව නිලධාරීහු පවසති.

(බීබීසී)

{gallery}ejipt-tolami{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න