බුර්කිනා ෆාසෝ රාජ්‍යයට එල්ල වූ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් තිබේ.
උතුරු ප්‍රදේශයේ පිහිටි ආහාර රැගත් රථ පෙළකට සහ ට්‍රක් රථයකට එම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් බහුතරයක් වෙළෙඳුන් බව සඳහන් වේ.
විශේෂත්වය වන්නේ බුර්කිනා ෆාසෝහි ආරක්ෂාව තර කර ඇති පසුබිමකදී මෙම ප්‍රහාර එල්ලවීමයි.
ප්‍රහාරවලට වගකිව යුතු පාර්ශවයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
