ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් !

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් !

ඉන්දුනීසියාවේ ඊයේ හටගත් භූ කම්පනයෙන් පුද්ගලයන් විසිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව සියය ඉක්මවන බව සදහන් වේ.

නැගෙනහිර මලුකූ පළාතේ හටගත් භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 6.5 ක් වන අතර, එම කම්පනයත් සමග ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස භීතියටත් කලබලයටත් පත්ව ඇති බවද වාර්තා වේ. 

කෙසේ නමුත් ඉන් සුනාමි අවධානමක් නොමැති බව බලධාරීන් තහවුරු කර ඇත.

භූ කම්පනයෙන් ගොඩනැඟිලි ඇතුළු දේපළ රැසක් විනාශ වී ඇති බවත්,  කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් තුළ සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත් එම වාර්තා සදහන් කරයි. 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න