මාලදිවයින් හිටපු ජනපති වසර 5ක සිරදඬුවමක්

මාලදිවයින් හිටපු ජනපති  වසර 5ක සිරදඬුවමක්

මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට වසර 5 ක සිරදඬුවම් නියම කර තිබේ.

ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ එරට අධිකරණයක් මගින් ඔහු වරදකරු කරමිනි.

සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 05 ක දඩයක් ද නියම කර තිබේ.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේය. 

ඒ අනුව විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයට අනුව මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාට දඬුවම් නියම කෙරිණ.

පෞද්ගලික වාසි ලබා ගැනීමේ අරමුණින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට චෝදනා එල්ල වී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න