මාධ්‍යවේදී ජමාල් ඝාතනයේ වරදකරුවන් 05කට මරණ දඬුවම

මාධ්‍යවේදී ජමාල් ඝාතනයේ වරදකරුවන් 05කට මරණ දඬුවම

සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනයට වරදකරුවන් වූ පුද්ගලයින් 05 දෙනෙකුට සෞදි අරාබි අධිකරණයෙන් අද මරණ දඬුවම නියම කර තිබේ.

ඊට වරදකරුවන් වූ තව ත් පුද්ගලයින් තිදෙනෙකුට සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සෞදි රජය දැඩිව විවේචනය කළ මාධ්‍යවේදියෙකු වූ ජමාල් ඛෂෝගි පසුගිය වසරේ ඔක්තෝබර් 02 වන දා ඝාතනයට ලක් විය.

ඒ, තුර්කියේ ස්තාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදීයි.

ජමාල් ඛෂෝගි ඝාතනයේ වගකීම භාරගන්නා බවත් අදාළ ඝාතනය සිය අනුදැනුම මත සිදු වූවක් බවත්, සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරු මීට පෙර පවසා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න