සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනයට වරදකරුවන් වූ පුද්ගලයින් 05 දෙනෙකුට සෞදි අරාබි අධිකරණයෙන් අද මරණ දඬුවම නියම කර තිබේ.
ඊට වරදකරුවන් වූ තව ත් පුද්ගලයින් තිදෙනෙකුට සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සෞදි රජය දැඩිව විවේචනය කළ මාධ්‍යවේදියෙකු වූ ජමාල් ඛෂෝගි පසුගිය වසරේ ඔක්තෝබර් 02 වන දා ඝාතනයට ලක් විය.
ඒ, තුර්කියේ ස්තාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදීයි.
ජමාල් ඛෂෝගි ඝාතනයේ වගකීම භාරගන්නා බවත් අදාළ ඝාතනය සිය අනුදැනුම මත සිදු වූවක් බවත්, සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරු මීට පෙර පවසා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
