එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථාන කාර්ය මණ්ඩලයට සති 3ක නිවාඩුවක් !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථාන කාර්ය මණ්ඩලයට සති 3ක නිවාඩුවක් !

සේවයට පැමිණීම අත්‍යවශ්‍ය නොමැතිනම් අවම වශයෙන් සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර මූලස්ථානයේ සේවයේ නිරත සේවකයන්ට ඊයේ (13) දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්  උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ‘‘අපට ලැබී ඇති වරම අනුව අපි රාජකාරී කළ යුතුයි. එහෙත් මූලස්ථානයේ සිටින පිරිස අඩු කළ යුතුයි. එය කරන්නේ අපි සියලු දෙනාගේ ආරක්ෂාවට, ඔබේ සෞඛ්‍යයට මම ප්‍රමුඛතාව දෙනවා. ආරක්ෂිත වෙන්න.

බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම කරුණාවන්ත වෙන්න’’ යැයියනුවෙන් පණිවිඩයක්  එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිය කාර්යමණ්ඩලයට යොමුකර ඇති බවය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ 3,000කට ආසන්න පිරිසක් සේවය කරන අතර පිලිපීන රාජ්‍ය තාන්ත්‍රිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි මේ සතියේදී වාර්තා වීමත් සමඟ  එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ඔහු විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න