කොරෝනා අස්සේ මොකක්ද මේ ජනපති ට්‍රම්ප්ට හිමිවුණු අසීමිත බලය ?

කොරෝනා අස්සේ මොකක්ද මේ ජනපති ට්‍රම්ප්ට හිමිවුණු අසීමිත බලය ?
අමෙරිකාවේ ජනපති ට්‍රම්ප්ට හිමිවුණු අසීමිත බලය හෙවත් (වෝ ටයිම් පවර්ස්)(WAR TIME POWERS )යනු කුමක්ද ...........?
ලෝක ඉතිහාසයේ කිසියම් රටක් රාජ්‍යයක් හෝ ජගත් සංවිධානයක් මගින් අනුමත කල අති දැවැන්ත සහනාධාර පැකේජය මැනවින් හැසිරවීමේ කාර්‍ය භාරය ට්‍රම්ප් ජනපති වෙත පැවරීම මෙහි මූලික අරමුණයි.
 
"කොරෝනා මකරා" (CORONA  DRAGON )හෙවත් චීන තිරිසන් වයිරසය හේතුවෙන් අඩාලවූ අමෙරිකාවේ ආර්ථිකය පන ගැන්වීමට හා මෙම වයිරසයට මුහුන දීම  සදහා සුදුසු පියවර  ගැනීමට මින් අමෙරිකාවේ සෙනෙට් සභාව මගින් ට්‍රම්ප් ජනපතිට බලතල ලබාදුන්නේය.
 
දේශපාලන පක්ෂ භේදයකින් තොරව  චන්ද 96-0 වසයෙන් මෙම පැකේජය සෙනෙට් සභාවේදී අනුමත විය. පැකේජය අමෙරිකන් ඩොලර් මිලියන 2,200,000,000,000 කි.
 
ට්‍රම්ප් හදුන්වා දුන් ආනයන බදු වසයෙන් (import tax) ලබාගත් අති විසාල ආදායම්වල අතිරික්තය මෙයට වෙන් කිරීම විශේෂත්වයකි. (මෙය පෙඩරල් රිසර්ව්  Federal Reserve  මගින් මුදල් කොල අලුතින් මුද්‍රණය කල අවස්තාවක් නොවේ ). 
 
දෙවන ලෝක සංග්‍රාමය පැවතුණේ 1939 සැප්තැම්බර් 1 සිට 1945 සැප්තැම්බර් 2දා තෙක්ය .මෙම දෙවන ලෝක යුද්ධය පවතිද්දී එනම් 1941 දෙසැම්බර් 18දා ප්‍රන්ක්ලින් ඩී රූස්වෙල්ට් (Franklin D Roosevelt )ජනපති වරයාට මෙවැනිම බලයක් පැවරූ අයුරු ඉතිහාසය සාක්ෂි දරයි. එම බලය ඔහුට පවරන ලද්දේ අමෙරිකාවේ පර්ල් වරායට ජපනුන් විසින් බෝම්බ දමා සති දෙකකට පසුවය. එදා අමෙරිකාව ආරක්ෂා කර ගැන්වීමටය..රූස්වෙල්ට් එදා එම කාර්‍ය් මැනවින් ඉටු කලේය. 
 
අමෙරිකාව පුරා වසා දමන ලද කම්හල් වෙලද ව්‍යාපාර යලි විවෘත  කිරීමට මුල්‍යමය ආධාර සැපයීම  ,අකර්මණ්‍ය වූ සියලු සේවා පන ගැන්වීම ,වයිරසයට ගොදුරු වූවන්ට සියලු අවශ්‍ය තා ලබාදීම ,පීඩාවට පත් සියලු රට වැසියන්ට ආපදා මුදල් ලබාදීම ,කොරෝනා වයිරස් නාශක වහා නිපදවීම,මෙම අදිසි හතුරා මුදා හල අයට නිසි දඩුවම් දීම ආදිය ඉටු කිරීම ජනපති ට්‍රම්ප්ට මින් පැවරී ඇති කාර් භාරයයි.
 
ප්‍රාන්ත(States)50 හේ ආන්ඩුකාරවරුන් සතු ඇතම් බලතල මෙහෙයවීමටද ඔහුට බලය පවරා ඇත.
 
අමෙරිකා නාවික හමුදාවට අයත්(US Navy) අංග සම්පූර්ණ ආරෝග්‍යශාලා  වලින් සමන්විත නැව් වලින්  එක් නැවක් මුලින්ම වර්ජිනියා සිට නිව්යෝර්ක් දක්වා යැවීමට ඔහු පියවර ගත්තේ ය.
 
ඔහු අමෙරිකාව  මෙන්ම මුලු ලොව මෙම උවදුරෙන් ගලවා ගැනීමේ කාර්‍ය් කෙසේ ඉටු කරනු ඇද්ද?මුලු ලොවම ඔහු දෙස බලාගෙන සිටී.
 
(සිරී හීන් පැල්ල නිව්යෝර්ක් නුවර සිට ලියයි)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න