ප්‍රංශයේ තත්ත්වය බරපතළයි..! ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට රජයෙන් ආයාචනයක්....

ප්‍රංශයේ තත්ත්වය බරපතළයි..! ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට රජයෙන් ආයාචනයක්....

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍ර වීමත් සමඟ ප්‍රංශ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අධික ආතතියක් හටගෙන ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් , ප්‍රංශයේ කොරෝනා ආසාදිත රෝගීන් සුවපත් කර ගැනීම සඳහා මේ අවස්ථාවේ රජයට සහයෝගය ලබා දෙන ලෙස සියළුම ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට අයත් වන වෛද්‍යවරුන්, හෙදියන් සහ සාත්තු සේවකයන්ට තමන් ආයාචනා කරන බව ඊයේ ( මාර්තු 31 ) ප්‍රකාශ කළාය.

නගර රසායනාගාර මඟින් පුද්ගලයන් 28, 448 ක් පරීක්ෂාවට ලක් කළ බවත්, ඒ අතුරින් 30% කට කොරෝනා වෛරසය ධනාත්මක බව සොයා ගෙන ඇති බවත් පවසන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, මෙය ප්‍රංශයේ වෛද්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක් යැයි සඳහන් කළාය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් විසින් ඊයේ ( මාර්තු 31 ) රාත්‍රී 7.30 ට ප්‍රංශයේ කොරෝනා ව්‍යාප්තිය පිලිබඳව වාර්තාවක් ඉදිරිපත් කළ අතර එම වාර්තාවට අදාල සංඛ්‍යා ලේඛන පදනම් වී තිබුණේ ප්‍රංශයේ පිහිටි රෝහල් 767 ක දත්ත පමණි.

ඊට අනුව ඊයේ ( මාර්තු 31 ) සවස් වනවිට ප්‍රංශය තුළ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52, 128 කි. ඒ වනවිට ගෙවී ගොස් තිබූ පැය 24 ට රෝගීන් 1, 778 ක් එක්වී තිබුණි.

22,757ක් රෝහල් ගත කොට තිබූ අතර පැය 24 ක් තුළ රෝහල් ගත කළ සංඛ්‍යාව 1,749 ක් වී තිබුණි.

දැඩි සත්කාර ඒකක වල සිටි රෝගීන් ප්‍රමාණය 5, 565 කි. පැය 24 ක් තුළ දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කළ රෝගීන් සංඛ්‍යාව 458 කි.

රෝහල් තුළ සිදු වූ මරණ ගණන ලෙස 3523 ක් පැවැතුනණි. ඊයේ වන විට පැය 24 ක් තුළ මිය ගොස් තිබූ ගණන 499 කි.

මේ වන විට 9, 944 ක් සුවපත් වී තිබේ.

ජෙරොම් සලමොන්ට අනුව දැනට කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් 34% ක් වයස අවුරුදු 60 අඩු පුද්ගලයන්ය. 50% ක් වයස අවුරුදු 60 - 80 ත් අතර සිටින පිරිස්ය. මේ අතර වයස අවුරුදු 30 ට වඩා අඩු රෝගීන් 68 ක් සිටින බව ද ඔහු පැවසීය.

තත්ත්වය මෙසේ තිබිය දී කොරෙනා ආසාදිත ප්‍රංශ රෝගීන් 158 ක් විදේශීය රෝහල් කරා යොමු කර ඇති බව ද ජෙරොම් සලමොන් අනාවරණය කළාය.

ඒ අනුව මේ වන විට ප්‍රංශ රෝගීන් 158 ක් විදේශවල රෝහල් ගත කර ඇති බවත්, ඒ අතුරින් 36 ක් දැඩි සත්කාර ඒකක වල සිටින බවත්, රෝගීන් 36 ක් සුව වී නැවත මව් බිමට පැමිණ සිටින බවත් ජෙරොම් සලමොන් වැඩි දුරටත් පැවසීය.

( සුනිල් ගාමිණී - ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙන් )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න