කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය අගමැති Zoom app හරහා වැඩ !

කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය අගමැති Zoom app හරහා වැඩ !

කොවිඩ් -19 කොරෝනාවෛරසය ආසාදනය වී සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා කැබිනට් මණ්ඩල හමුවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Zoom යන අන්තර්ජාල යෙදුම හරහා මෙම කැබිනට් රැස්වීම පවත්වා ඇති අතර එම අවස්ථාවේදී ගනු ලැබූ ඡයාරූපයක්ද ඔහු විසින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පළකර ඇත.කෙසේ වුවත් එලෙස පළකර ඇති ඡයාරූපයේ බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩල සාමාජිකයින් විසින් Zoom නමැති යෙදුමේ භාවිතා කර ඇති අන්තර්ජාල නම් පවා පෙනෙන්නට ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය සඳහන් කර සිටියේ එරට රජයේ අති රහසිගත රැස්වීම් මෙලෙස ආරක්‍ෂිත ක්‍රමවේදයකට යටත්ව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන බවයි.බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, තවදුරටත් ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් සහ කොරෝනාවෛරස් අර්බුදය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි. 

ZOOM App අධ්‍යාපනික හා දේශපාලන කටයුතුවලට ... හිටපු ඇමති පාඨලී චම්පික රණවක සිය FB පිටුවේ පළකර ඇති සටහනක ද ZOOM App හි කාලින අවශ්‍යතාවය පෙන්වා දී ඇත.

එම සටහනේ මෙසේ සඳහන් වේ.''කොවිඩ්-19 නිසා දැනටමත් සිදුවෙමින් පැවතුණු තාක්ෂණික විප්ලවයන් වර්ධනය වෙමින් පවතී.

කාලයක සිට දුරස්ථ අධ්‍යාපනය සඳහා (Online Learning) යොදාගත් ZOOM App එක දැන් විශ්ව විද්‍යාල හා පාසල්වලට අමතරව දේශපාලන නායකයන්ද යෙදා ගනිති.

සමගි ජන බලවේගයේ නායකයෝ දිනපතා දේශපාලන සාකච්ඡා පවත්වන්නේ එය යොදා ගනිමිනි.පක්ෂ නායක රැස්වීම් මෙන්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම්ද ඔන්ලයින් ක්‍රමයට පහසුවෙන් පරිවර්තනය කළ හැක. මෙය අවශ්‍ය නම් පාර්ලිමේන්තුවටද යොදාගත හැකිය.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න