කිරිපිටි විතරක් නෙවෙයි : තිරිඟු පිටි - සිමෙන්ති මිලත් ඉහළට !

කිරිපිටි විතරක් නෙවෙයි : තිරිඟු පිටි - සිමෙන්ති මිලත් ඉහළට !

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම භාණ්ඩ තුනේ ජාත්‍යන්තර වෙලෙඳපොලේ මිල වැඩි වීම නිසා දේශීය මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කර තිබියදී ඒ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කළ බව පැවසූ එම නිලධාරියා පාරිභෝගික අධිකාරියේ අදාල මිල කමිටු ඒ පිළිබඳව වර්තමාන තත්වයට අනුරූපීව ගණනය කිරීම් කර ඇති ආකාරයට ඉදිරියේදී ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතියක් ගෙන නව මිල ගණන් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටු සහ එහි මණ්ඩලය මෙම භාණ්ඩ තුන පිළිබඳව කළ අධ්‍යනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් කිරිපිටි කිලෝවක වර්තමාන මිල රුපියල් 940 ක් තීරණය කරන අවස්ථාවේදී ජාත්‍යන්තර වෙළෙඳපොලේ කිරිපිටි මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 3,070 ක් වුවද වර්තමානය වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් ඒකක් ඩොලර් 3,700 ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

(Lankadeepa)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න