oDoc වෙත පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයක්

විනාඩි කිහිපයක් ඇතුලත රෝගීන් ස්මාට් ජංගම දුරකථන හරහා වෛද්යවරුන් සමඟ සම්බන්ධ කිරීමට කටයුතු කරන oDoc සමාගම, ටෙලිමෙඩිසින් කාණ්ඩය යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය ඩිජිටල් සෞඛ්‍ය සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත.

වසරකට වැඩි කාලයක පටන් oDoc ජංගම දුරකථන ඇප් මෘදුකාංගය තුළින් සමාගම ඉලක්ක කරනුයේ රෝගීන්ට සපයන වෛද්ය උපදේශන සේවා සම්බන්ධයෙන් ඉතා පහසු කිරීමය.

රෝගීන් සහ වෛද්‍යවරුන් යන දෙපාර්ශවයටම සමාන ප්‍රතිලාභ හිමිවන ලෙස සකස්කර ඇති oDoc සමාගමේ සේවා සැපයීම හරහා විද්‍යුත් සෞඛ්‍ය වාර්තා (Electronic Health Records), වීඩියෝ දුරකථන ඇමතුම් උපදේශන සහ ඔබේම ජංගම දුරකථනයට ලබා ගත හැකි වලංගු වෛද්‍ය ප්‍රලේඛන (drug e-prescriptions) මඟින් නවීන තාක්ෂණය මුසු කල කඩිනම් කරදරයකින් තොර සෞඛ්ය සේවාවක් ලබා ගැනීමට ලාංකිකයින්ට දැන් අවස්ථාවක් ඇත.

මෙම සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව අදහස් දැක්වූ oDoc හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී හේෂාන් ප්‍රනාන්දු පැවසූයේ, ‘‘අපි ජංගම දුරකථන තාක්ෂණය සහ කෘත්රිම බුද්ධිය සංකලනය කරමින් හොඳම සායනික විශේෂඥයන් සමඟ එක්ව, පූර්ණ වෛද්ය උපදේශන ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරනවා’’ කියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න