ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.
ස්ටීව් හැන්කි ගේ උද්ධමන වගුවට අනූව 14.2% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
මහාචාර්ය ස්ටීව් ට අනූව ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකි බව ස්ටීව් හැන්කි මහතා පෙන්වා දෙයි.
විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කි ගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබිමයි.

- Lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
