“DLB සත්කාර” හත්වන වෛද්‍ය කදවුර හම්බන්තොට දිස්ත්‍රික්කයේදී

“DLB සත්කාර” හත්වන වෛද්‍ය කදවුර හම්බන්තොට දිස්ත්‍රික්කයේදී

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මින් වෙනුවෙන් “ DLB සත්කාර ” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය කදවුරු මාලාවේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.

එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද අතර එය මෙම වෛද්‍ය කදවුරු මාලාවේ හත්වන වෛද්‍ය කදවුරයි.

පසුගිය ඔක්තෝබර් 13 වන දින පවත්වන ලද මෙම වෛද්‍ය කදවුර සදහා 300කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.

මේ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චානක දොඩංගොඩ මහතා සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, හම්බන්තොට දිස්ත්‍රික් කලාප කළමනාකරු මහින්ද දිසානායක මහතා ඇතුලු පිරිස සහභාගී විය.

{gallery}dlb-sathkara{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න