#akd

  • රාජ්‍ය රහස්! : ලංකාවට කවුරුත් නොදන්න ලොකු වාසියකුත් වෙන්නයි යන්නේ!

    *රනිල් පොරොන්දු වුණු දේපොළ බද්ද දාන්න කිව්වාම අනුරට තදවෙයි!
    *IMF එකත් එක්ක පළමුවරට අනුර වාදකරයි!

    *ආදායම වැඩිකරගන්න විදිහ පෙන්වද්දී IMF එකත් හොල්මන් වෙයි!

    පසුගිය සතියේ ''රාජ්‍ය රහස්'' තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කොට ඇති බව අනාවරණ කළෙමු. එම හෙළිදරව්වෙන් පසු දේශපාලන පක්ෂ ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත් ඡන්ද උණුසුම කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පැවැති ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි.


    JAFFNA, SRI LANKA - SEPTEMBER 21:  A sign directing voters to the polling station during the northern provincial council election on September 21, 2013 in Jaffna, Sri Lanka. Ethnic Tamil voters in Sri Lanka's war-ravaged north have gone to the polls on Saturday to form their first functioning provincial government since 1988 following 26-year long civil war that ended in the country in 2009..  (Photo by Buddhika Weerasinghe/Getty Images)
    එම අනාවරණයේදී අප ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කළ හේතූන්ද එකින් එක සඳහන් කළෙමු. පිටින් සිට බලන බොහෝ දෙනා ආණ්ඩුව මේ වනවිට ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ ඉන්දියාවේ බලපෑම නිසා හෝ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළත් ඇත්ත කතාව එසේ නොවේ.

    ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත් තීරණය පසුපස ඇති කතාව සොයාගැනීමට රාජ්‍ය රහස් තීරය පසුගිය සතියේ ආණ්ඩුවේ අභ්‍යන්තරයටම ගොස් කරුණු සොයාබැලීමක නිරත විය. එහිදී අපට අනාවරණ වූයේ කිසිවකුට ඇති බයක් නිසා හෝ ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ නොව ආණ්ඩුව කිසියම් සැලැස්මකට අනුව මෙම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කොට ඇති බවකි. ඒ අනුව ආණ්ඩුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට සූදානම් වන්නේ ඉතා ශක්තිමත් තුරුම්පු කිහිපයක් අතේ තබාගෙන බව අප කළ සොයාබැලීමේදී අනාවරණය විය.



    අප අවස්ථා කීපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණ කළ පරිදි 2026 වසර සඳහා ආණ්ඩුව ලබන නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ ඉතා ජනප්‍රිය අයවැයකි. නැතහොත් ඡන්ද අයවැයකි. එහිදී අප අනාවරණ කර සිටියේ මෙම අයවැය හරහා ආණ්ඩුව ඉතා ශක්තිමත් බව රටට පෙන්වීම සඳහා ජනතාවාදී තීන්දු තීරණ රැසක් ගැනීමට සැලසුම් කර ඇති බවකි.




    බදු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙවර අයවැයෙන් අලුතින් කිසිදු බදු පැනවීමක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවකි. අප එම අනාවරණය කරද්දී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සිතාවත් තිබුණේ නැත. නමුත් මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති නිසා තවත් පියවර කිහිපයක් ඉදිරියට තබමින් ජනාධිපතිවරයා අයවැයෙන් අලුතින් බදු නොපැනවීම පමණක් නොව, පළමු වතාවට ජනතාව මත පටවා ඇති බදු අඩුකිරීමේ සැලසුමක සිටින බව ආරංචිය.

     

    tax large

    ලංකාවේ මාධ්‍ය අතරින් මෙම තොරතුර වාර්තා කරන පළමු මාධ්‍යය වන්නේ ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබා ඇති සුවිශේෂ ක්ෂේත්‍ර කිහිපයක බදු අඩුකිරීමක් සිදුකිරීමට මේ වනවිටත් තීරණය කොට අවසානය. එම බදු අඩුකිරීම ජනතාවගේ ජීවන තත්ත්වයට විශාල වශයෙන් බලපෑමක් කරන විශාල සහනයක් ලැබෙන එකක් බව පමණක් අපට මේ අවස්ථාවේ සඳහන් කිරීමට පුළුවන.

    මීට අමතරව අයවැයෙන් තවත් සහන කීපයක්ම ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කොට අවසානය. ආණ්ඩුවට එසේ කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ අනවශ්‍ය වියදම් කපාහරිමින්, දැවැන්ත ආයෝජන සිදු නොකරමින් අතිවිශාල මුදල් කන්දරාවක් මහා භාණ්ඩාගාරයට එකතු කරගැනීමට හැකිවීම නිසාය. ජනාධිපතිවරයාම වරෙක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වනවිට ට්‍රිලියන ගණනක මුදලක් භාණ්ඩාගාරය සතුව ඇතැයි කියාය. අපද පසුගිය සතියක විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ප්‍රාග්ධන වියදම් විශාල වශයෙන් සිදු නොකිරීම හරහා සහ වෙනත් කරුණු මත ආණ්ඩුව දැවැන්ත මුදල් කන්දරාවක් ඉතිරිකොට ගෙන ඇති බවත්, ඉදිරි මැතිවරණයක් ඉලක්ක කොටගෙන එම මුදල් වියදම් කිරීමේ සැලසුමකින් සිටින බවත්ය.


    1679572139 SL IMF 6
    මේ අතර, පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ අනාවරණයක් කරමින් 6 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව ඉතා උණුසුම් වාදවිවාද සහිත එකක් වූ බව අනාවරණ කර සිටියෙමු. ජනාධිපතිවරයා සහ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙනදාට වඩා දැඩි බවකින් යුතුව ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.



    එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉදිරිපත් කළ ඇතැම් යෝජනාවන්ට සහ කොන්දේසිවලට පළමු වතාවට ජනාධිපතිවරයා සිය විරෝධය ප්‍රකාශ කරමින් කරුණු පැහැදිලි කිරීම හේතුවෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡාව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී ඍජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරිපත් කළ කොන්දේසියක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.




    දේපොළ බද්ද අනුරට තද වෙයි


    උදාහරණයක් ලෙස සාකච්ඡාවේ එක් අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉතා දැඩිව කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් මාර්තු මාසය වනවිට දේපළ බද්ද ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබුණත් මෙතෙක් එය ඉටුකොට නොමැති බවය. එහිදී දේපළ බද්ද වශයෙන් මූල්‍ය අරමුදල දැනුම්දී තිබුණේ කිසියම් අයකු ඉඩමක් හෝ නිවසක් හෝ වාහනයක් මිලදී ගතහොත් ඊට ප්‍රතිශතයක් වශයෙන් අලුත් බද්දක් අයකිරීමත්, දැනටමත් ඉඩමක්, නිවසක් හෝ වාහනයක් හිමි අයගෙන් තවත් බද්දක් අයකිරීමත්ය.

    එම බද්ද ඉකුත් මාර්තු මාසයේ සිට අයකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී තිබූ බවක් ඒ වනතුරුත් කිසිවකු දැන සිටියේ නැත. නමුත් මාර්තු වනවිට ඔහු බලයේ නොමැති වුවද අනුර විසින් එම පොරොන්දුව ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබිණි.




    මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙන ආ මෙම යෝජනාවට එරෙහිව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීමය. ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ කිසිසේත්ම එම යෝජනාව ඉටුකිරීමට නොහැකි බවකි. එමෙන්ම එය අසාධාරණ බද්දක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.





    ‘අපිට ඒ බද්ද කිසිසේත්ම මේ වෙලාවේ පනවන්න බෑ. මොකද ඒක අසාධාරණ බද්දක්. මිනිස්සු සල්ලි දීලා ඉඩමක්, ගෙයක්, වාහනයක් ගන්නකොට අපි කොහොමද ඒකට අලුත් ටැක්ස් එකක් ගහන්නේ. දැනටමත් අපේ රටේ ජනතාව ඉඩකඩම්වලට, ගෙවල්වලට ආණ්ඩුවට වරිපනම් ගෙවනවා. එහෙම තියෙද්දී අපිට ඒවටම තවත් ටැක්ස් එකක් ගහන්න බෑ…’ යනුවෙන් ජනාධිපතිවරයා දැඩිව කියද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද සිය ස්ථාවරයේ සිටිමින් ජනාධිපතිවරයා සමග තර්ක කරන ආකාරයක් දැකගත හැකි විය.

     

    1742212601 president 6

    ‘අපිට ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහද, අනුර කුමාර දිසානායකද කියන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ගිවිසුම්ගත වුණේ ලංකාවේ ආණ්ඩුවත් එක්ක. එදා හිටපු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය තමයි මුදල් හොයාගන්න මේ දේපළ බද්ද ක්‍රියාත්මක කරනවා කියලා අපිට පොරොන්දු වුණේ. ඒක පසුගිය මාර්තු මාසයේ කරනවා කියලයි කිව්වේ. ඉතින් ඒ කොන්දේසිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේදී මේ කොන්දේසිය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාත්මක වෙන්න ඕනේ…….’ යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් දැඩිව කියද්දී අනුර පළමු වතාවට දේශපාලන කරුණක් ඉස්මතු කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙනා යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.

    ‘අපිට මෙතැනදී එකඟ වෙන්න පුළුවන් කොන්දේසි තියෙනවා. එකඟ වෙන්න බැරි කොන්දේසි තියෙනවා. කරන්න පුළුවන් කියලා හිතෙන දේවල්වලට අපිට එකඟ වෙන්න පුළුවන්. හැබැයි කරන්න බැරි දේවල්වලට අපිට එකඟ වෙන්න බෑ. මොකද, අපි මේ මහපොළොවේ දේශපාලනය කරන්න ඕනේ. මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්නත් ඕනේ. මේ වගේ බද්දක් දානවා කියන එක මහපොළොවේ යථාර්ථය නෙවෙයි. ඒක හින්දා මේක අපිට කරන්න බෑ. ඒ නිසා ඔබතුමාලා ගේන මේ යෝජනාවට මම කිසිසේත්ම එකඟ නෑ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ රටේ මහපොළොවේ යථාර්ථය එක්ක අපිට දේශපාලනය කරන්න පුළුවන් වෙලාවක මේ යෝජනාව ගැන සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය දැඩිව පැහැදිලි කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද දැඩි ස්ථාවරයක සිටිමින් එසේ නම් ආණ්ඩුව මෙම බද්ද ප්‍රතික්ෂේප කිරීම හරහා අහිමි වන මුදල සොයාගන්නා ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊටද ජනාධිපතිවරයා අදාළ බද්ද නොපැනවීමෙන් අහිමි වන ආදායම සොයාගන්නා ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි විස්තරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට ඉදිරිපත් කළේය.


    මෙන්න සල්ලි හොයන හැටි


    ‘අපි ඒකට දැනටමත් ක්‍රමවේදයක් සකස් කරලයි තියෙන්නේ. ඔබතුමාලා දැනටමත් අපිට නිර්නායකයක් ලබාදීලා තියෙනවා ලබන අවුරුද්ද වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය 15%ක මට්ටමට ගේන්න ඕනේ කියලා. හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව භාරගනිද්දී දළ දේශීය නිෂ්පාදිතය තිබ්බේ 8%ට. අපි ආණ්ඩුව භාරගනිද්දී ඒක 13% දක්වා ඉහළට ඇවිත් තිබුණා. අපි මේ වෙද්දී පැහැදිලිවම සැලසුම් හදලා ඉවරයි ලබන වසර වෙනකොට ඔබතුමාලා අපිට ලබාදුන්නු 15%ක ඉලක්කය ඉක්මවා යමින් 16% දක්වා දළ දේශීය නිෂ්පාදිතය ඉහළට අරන් එන්න. අපි ඒකට අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට සකස් කරලයි තියෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් සහ ප්‍රශ්නයක් තියාගන්න එපා…’ යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වී ගිය ආකාරයක් දැකගත හැකි විය.




    ඔවුන් මෙතෙක් සිටි දැඩි ස්ථාවරය වහාම වෙනස් කරමින් ජනාධිපතිවරයාට ඉතා සුබවාදී ප්‍රතිචාරයක් පළකළ ආකාරයක්ද දැකගත හැකි විය. මාධ්‍යයක් වශයෙන් මේ තොරතුර පළමු වතාවට රටට හෙළිකිරීමට කටයුතු කරන්නේද ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශයත් සමග කවුරුත් නොදැන සිටි තවත් අතිවිශේෂ කාරණාවක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට දැනුම් දී සිටියහ.




    ‘ඒ වගේ තැනකට ඔබතුමාට මේ රට අරන් යන්න පුළුවන් නම් ඒකෙන් මේ රටට කවුරුත් නොදන්නා ලොකු සහනයක් ලැබෙනවා. මොකද එවැනි සංවර්ධනයක් ළඟ කරගත හැකි නම් ඔබතුමාලට ණය ආපසු ගෙවීමේදී ලොකු සහනයක් හිමි වෙනවා. ඔබතුමාලා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්න නංවන්න ඩොලර් මිලියන ගණනකින් ණය කපාහැරීමක් සිදුවෙනවා. ඒ අනුව 16%ක ඉලක්කයකට ගියොත් ඩොලර් මිලියන ගණනක ණය කපා හැරේවි…’ යනුවෙන් කියමින් කිසිවකුත් දැන නොසිටි රහසක් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

    ඇත්තම කියනමා නම් අපද එම තොරතුර වාර්තා වන තෙක් එවැන්නක් සිදුවන බව දැන සිටියේ නැත. විපක්ෂයේ බොහෝ දෙනා මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින්නේ 2028 වසරේ සිට ලංකාව නැවත වතාවක් විදේශ ණය පොලිය ගෙවීමේ කටයුතු ආරම්භ කළ යුතු නිසා පවතින ආර්ථික වර්ධන වේගය හමුවේ එවැන්නක් සිදුකිරීම දැඩි අසීරු තත්ත්වයක් බවටය. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රට නැවත වතාවක් 2028දී බංකොලොත් වීමේ අනතුරක් මතුවෙමින් පවතින බවකි. නමුත් මේ ආකාරයට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවාගතහොත් විදේශ ණය ඩොලර් මිලියන ගණනින් කපාහැරීමට නියමිත බව කිසිවකුත් දැන සිටියේ නැත. ඒ අනුව එම තත්ත්වය 2028 වසරේදී ණය ගෙවීම ආරම්භ කිරීමේදී විශාල රුකුලක් වනු ඇති බව නොඅනුමානය. ඒ අනුව එයින් ද පැහැදිලි වන යම් ඉඟියක් වන්නේ ලබන වසරේ අයවැය ස්ථිරවම මැතිවරණ අයවැයක් බවට පත්වනු ඇති බවය.

     

    insolvent symbolic photo insolvency bankrupt depts money finance economic crisis business concept coins 770123 11


    අනුර භයානක ඉසව්වකට


    ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගැසීමට සැලසුම් කර සිටින ඊළඟ ලොකුම තුරුම්පුව වන්නේ කුඩු ඇල්ලීමේ තුරුම්පුවය. කිසිවකුත් දැන නොසිටියද රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මේ මෙහෙයුමට ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ සිය සම්පූර්ණ අවධානය යොමුකොටය. මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ වෙනත් කිසිම ආණ්ඩුවක් හෝ වෙනත් කිසිම ජනාධිපතිවරයකු සිදු නොකළ ආකාරයට ජනාධිපතිවරයා මෙම කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට නායකත්වය ලබාදී තිබීමය.

     ඕනෑම කෙනකු දන්නා කාරණාවක් වන්නේ මේ රටේ සිටි ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ යම් යම් රාජකාරීන් ඉටුකිරීමේදී ඒවාට විශාල නායකත්වයක්, දායකත්වයක් ලබාදී ඇති ආකාරයය. උදාහරණයක් වශයෙන් රටේ ආර්ථිකය ගොඩනගන අවස්ථාවලදී කිසිදු තර්කයකින් තොරව ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වැන්නවුන් ඒ ඒ කාලවකවානුවලදී විශාල දායකත්වයක් ලබාදුන්හ. යුද්ධය අවසන් කිරීමේදී ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දැවැන්ත දේශපාලන නායකත්වයක් ලබාදුන්නේය. 

     
    නමුත් ඒ කිසිදු ජනාධිපතිවරයකු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ සටනේදී සිය දායකත්වය 100%කින් ලබාදුන්නාද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට සියලු දෙනාටම මතුව තිබේ. ඊට හේතුව වී ඇත්තේ මේ සියලු ජනාධිපතිවරුන්ගේ පාලන සමයන්හිදී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාලය විශාල වශයෙන් ශක්තිමත් වී තිබීමය. යුද්ධය අවසන් කරනවාටත් වඩා ඉතා අසීරු තැනකට මේ මත්ද්‍රව්‍ය අවසන් කිරීමේ යුද්ධය පත්ව තිබීමය.
     
    07 4

    මේ වනවිටත් කුඩු ජාලය මුළු රටම ගිලගෙන ඇති අතර, ගම් නියම්ගම්වල සිටින තරුණ කොටස් පවා මේ මත් කුඩු හේතුවෙන් විනාශ වී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. බොහෝ දෙනා සිතා සිටියේ ගෝඨාභය රාජපක්ෂ වැනි අයකු ජනාධිපති පුටුවේ අසුන්ගත් වහාම මෙම කුඩු ජාවාරම අවසන් කරනු ඇතැයි කියාය. රටේ විනය ගොඩනගනු ඇතැයි කියාය. ගෝඨාභය පමණක් නොව හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ කුඩුවලට එරෙහිව සටනක් ආරම්භ කළද එය අවසන් වූයේ ඒවා ඔවුන්ගේ දේශපාලන මෙහෙයුම් බවට පත්වීමෙන් අනතුරුවය.
     
    කුඩු අල්ලනවාට වඩා ඒවා මාධ්‍ය සංදර්ශනයන් බවට පත්කරමින් සිය දේශපාලන පැවැත්මට ඒවා භාවිත කිරීමෙන් අනතුරුවය. බොහෝ දේශපාලන චරිත සහ විවිධ පොලිස් නිලධාරීන් ඒ හරහා සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට කටයුතු කළද, සත්‍ය වශයෙන්ම කුඩු වසංගතය අවසන් වූ බවක් හෝ පාලනය වූ බවක් එහිදී දැකගන්නට ලැබුණේ නැත.



     
    නමුත් මෙවර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන සටනේ පැහැදිලි වෙනසක් ජනතාවට දැකගැනීමට පුළුවන. මෙහි කැපීපෙනෙන සිදුවීම වන්නේ මාධ්‍ය ඉදිරියට පැමිණ මහ ඉහළින් වොයිස් කට් දෙන දේශපාලනඥයන් හෝ පොලිස් නිලධාරීන් දක්නට නොමැති වීමය. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම රටෙන් තුරන් කිරීම සඳහා කිසිවකුත් නොසිතන දැවැන්ත මෙහෙයුමක් මේ වනවිටත් වත්මන් ජනාධිපතිවරයා විසින් තිරය පිටුපස දියත් කොට අවසානය.




    මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙමින් මීට සති කීපයකට පෙර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ ජනාධිපතිවරයා සහ බුද්ධි අංශ අතර පැවැති සාකච්ඡාවක තොරතුරු අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ බුද්ධි අංශ සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැහැදිලිවම ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් පසුපස පැන්නීමෙන් රටට කිසිදු පලක් නොවන බවත්, පාතාලය, කුඩු ජාවාරම සහ දූෂණයට එරෙහිව බුද්ධි අංශ සිය සම්පූර්ණ උත්සාහය යෙදිය යුතු බවත්ය.

    ඒ අනුව අප මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කිරීමට සූදානම් වන්නේ එහි තවත් අතිවිශේෂ දිගුවකි. නොඑසේ නම් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති අතිශය අවදානම්සහගත තීන්දු සම්බන්ධයෙන් කරන විශේෂ අනාවරණයකි.



    මෙහෙයුම ජාත්‍යන්තරයට

    ජනාධිපතිවරයා මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම සම්බන්ධයෙන් සිදුකරන සෑම සාකච්ඡාවකටම සහභාගි වන අතර, එහිදී ඉතා දැඩි තීන්දු තීරණ ගැනීමද සිදුකරනු ලබයි. ඒ ගන්නා ඇතැම් තීන්දු තීරණ අපේ රටට පමණක් බලපාන ඒවා වන අතර, ඇතැම් තීන්දු තීරණ ජාත්‍යන්තරය සමග සම්බන්ධ වන ඒවාද වීම විශේෂ සිදුවීමකි.

    අප මීට පෙර අවස්ථාවකදී ආරක්ෂක අංශ විසින් මැලේසියාවේ සිට කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමෙන් පසුව පැවැති සාකච්ඡාවකදී මතුවූ කරුණු රාජ්‍ය රහස් තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක් සාකච්ඡාවකදී කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ලංකාවේ මත්කුඩු ජාලයෙන් 50%ක කොටසක් අවසන් කිරීමට හැකි වූ බවට නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට වාර්තා කළ බවකි. ඒ අනුව ඉතිරි 50%ක ජාලය අවසන් කිරීමද අපහසු නොවන බව එම සාකච්ඡාවේදී නිලධාරීන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද අප අනාවරණ කළෙමු.

    ලංකාව ඇතුළත මත්ද්‍රව්‍ය සහ පාතලය අවසන් කිරීමේ මෙහෙයුම් සිදුවූයේ එම රාමුව මත පිහිටාය. මේ වනවිට එම මෙහෙයුම් ඉතා සාර්ථකව සිදුකරමින් පාතාලය මර්දනය සහ රට ඇතුළේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කරන අතරතුර ඊටත් වඩා ඉතා අසීරු සහ භයානක කලාපයකට ඇතුළු වීමට ආණ්ඩුව මේ වනවිට තීරණය කොට අවසානය. ඒ, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන මත් කුඩු සැපයීම අඩපණ කිරීමට තීරණය කොට තිබීමය.

    මේ වනවිට ලංකාව කුඩු පුරයක් පමණක් නොව, මත්කුඩු ලංකාවට ගෙන්වා වෙනත් රටවලට බෙදාහරින ප්‍රධාන කුඩු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. එසේ ලංකාවට පැමිණෙන්නේ කුඩු කිලෝ ගණන් නොව ටොන් ගණනිනි. ඒ අනුව මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ ලංකාව ඇතුළේ කුඩු ජාලය අවසන් කරනවාට අමතරව ඉතා රහසිගත ලෙස ආණ්ඩුව මෙම ලංකාව සම්බන්ධ කොට සිදුකරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළෙඳාම, එසේත් නැත්නම් කුඩු සප්ලයි චේන් එක (සැපයුම් දාමය) කඩා බිඳදැමීමටද තීන්දු කොට ඇති ආකාරයය. ඒ අනුව දැනටමත් ලංකාවට එසේ දැවැන්ත ප්‍රමාණයෙන් කුඩු ලැබෙන මාර්ග කිහිපයක් ආණ්ඩුව හඳුනාගෙන අවසානය.
     
    Galle

    පසුගිය කාලය පුරාම ආරක්ෂක අංශ කුඩු අල්ලද්දී ජනතාව නැගූ චෝදනාවක් වූයේ ආණ්ඩුව හාල්මැස්සන් අල්ලනවා විනා කුඩු ජාලයට සම්බන්ධ තෝරුන් මෝරුන් අල්ලන්නේ නැති බවය. කුඩු ජාලය අවසන් කිරීමේ සැබෑ අරමුණක් ඇත්නම් කුඩුවලට සම්බන්ධ මෙම තෝරුන් මෝරුන්ද ඇල්ලිය යුතු බව ජනතාවගේ මතය විය. ඒ අනුව මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත්තේ එම තෝරුන් මෝරුන් ඇල්ලීමේ අතිශය භයානක සහ අවදානම්සහගත මෙහෙයුමට අත තැබීමටය.




    රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට මෙම මෙහෙයුම ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා ඉතා බරපතළ ප්‍රකාශයක්ද සිදුකොට තිබේ. එහිදී අදාළ වගකිව යුතු අංශවලට නියෝග විධිවිධාන නිකුත් කරමින් ජනාධිපතිවරයා දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කොට ඇත්තේ, ‘මට කවුරු නැති වුණත් මොන ප්‍රතිවිපාක ආවත් මම මේ තීන්දුව ගන්නවා. මම ආයේ ආපස්සට හැරෙන්නේ නෑ…’ යැයි කියාය.




    ජනාධිපතිවරයා මෙම විධානය නිකුත් කිරීමත් සමග එම සාකච්ඡාවේ සිටි ප්‍රධානීන් එහි ඇති දැඩි අවදානම්සහගත ස්වරූපය සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අවදානම පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකොට ඇති බවට අපට තොරතුරු තිබේ. නමුත් ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ ආවාට ගියා නොව හොඳ හැටි සිතා බලා ඒ සම්බන්ධයෙන් නිවැරැදි තක්සේරුවක් කිරීමෙන් පසුව බව අපගේ විශ්වාසයය. එහිදී නිසැකවම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පක්ෂය සමග, පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමග සාක්ච්ඡා කර ඇතිවාට සැක නැත. මන්ද යත් එවැනි තීන්දුවක් ගැනීමම යනු අතිශය භයානක කලාපයකට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඇතුළු වීමය.

    අප විශේෂයෙන් මෙම තොරතුර යම් යම් ස්වයං සීමාවන් යටතේ මෙසේ වාර්තා කරන්නේ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන යන සටන සම්බන්ධයෙන් මේ රටේ වගකිව යුතු මාධ්‍යයක කොතැනක හෝ ලිඛිත සාක්ෂියක් වශයෙන් සටහනක් තබා තිබිය යුතු නිසාය. අනාගතයේදී මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කළහොත් ජනාධිපතිවරයා එම මෙහෙයුමට විශාල ජීවිත අවදානමක් ගෙන අනුමැතිය දුන් බවට තොරතුරු වාර්තා වී තිබිය යුතු නිසාය. ඒ අනුව ජනාධිපතිවරයා මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග අතිශය භයානක කලාපයකට ඇතුළු වී ඇති බව පමණක් නැවත වතාවක් සඳහන් කළ යුතුව ඇත.


    ඒ අස්සේ අර්බූදයකුත්


    මේ සියල්ල අතරතුර ආණ්ඩුව ඉතා සුමට ගමනක යෙදෙන ආකාරයක්ද දැකගන්නට නැත. අප එසේ කියන්නේ ආණ්ඩුව ඇතුළේ මේ වනවිට යම් අර්බුදයක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ලැබීම නිසාය. එය පසුගිය සතියේ දැකගන්නට ලැබුණේ හදිසියේම ජනාධිපතිවරයා විසින් සිදුකළ මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය හරහාය. මෙහිදී මෙතෙක් ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයා බවට පත්ව සිටි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බිමල් රත්නායක මහතාගේ වරාය කොටස ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් විපක්ෂය නම් ඍජුවම කියා සිටියේ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අලුත් කිසිවක් ජනාධිපතිවරයා සිදු කොට නොතිබූ බවත්, සිදුකර තිබූ එකම දේ වන්නේ බිමල් රත්නායක ඉලක්ක කොට ඔහුගෙන් වරාය කොටස ඉවත් කිරීම පමණක් බවත්ය.
     


    මීට අමතරව වරාය සමග ගනුදෙනු කරන දැවැන්ත ව්‍යාපාර කරන පිරිස් හට බිමල්ගෙන් බලපෑම් එල්ල වෙමින් පැවැති බවටත්, වරාය සහ රේගුව අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත්, බිමල් සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත් විවිධ පිරිස් ඊට හේතු පාඨ සපයමින් ප්‍රකාශ සිදුකර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඒ සියල්ල නිල ප්‍රකාශ නොව, නිල නොවන ප්‍රකාශයන්ය. ඒ කොයිහැටි වෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව බිමල් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය ආණ්ඩුව ඇතුළේ මාස කීපයක් පුරා සාකච්ඡා කොට සියලු දෙනාගේම එකඟතාව අනුව සිදුකළ කැබිනට් සංශෝධනයක් යැයි කියාය.




    කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතු බව රට හමුවේ පළමු වතාවට ප්‍රකාශ කළේ වෙන කවුරුවත් නොව බිමල්මය. පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියට පැමිණි බිමල් එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මනින්ම අමාත්‍ය මංණ්ඩල සංශෝධනයක් සිදුවිය යුතු යැයි කියාය. එහිදී බොහෝ ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය හැකි බව කී බිමල්, තමාගේ අමාත්‍යාංශයද වෙනස් විය හැකි බව සඳහන් කර සිටියේය. එහිදී විශේෂ වචනයක් භාවිත කිරීමටද බිමල් කටයුතු කළේය. බිමල් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිමද වෙනස් කළ යුතුව ඇතැයි කියාය. ඒ හරහා නොකියා කියූ කතාව වූයේ අගමැති ධුරයේද වෙනසක් සිදුවීමේ ඉඩකඩක් පවතින බවකි.




    නමුත් බිමල්ද නොසිතූ ලෙස ඔහු කළ ප්‍රකාශයට ඊට සතියකට පමණ පසු ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති පෞද්ගලික නාලිකාවකට පැමිණ ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවකි. සියලු ඇමැතිවරුන් තමන්ගේ වගකීම නිසි අයුරින් කරමින් සිටින බවද හඳුන්නෙත්ති එහිදී කියා සිටියේය. මීට අමතරව කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිසිසේත්ම සිදු නොවන බවකි. මෙම ප්‍රකාශයන් දෙකම බිමල් කළ ප්‍රකාශයට ඍජුවම ප්‍රතිචාර දැක්වීමක් බව පැහැදිලිවම දැකගන්නට තිබිණි.

    කෙසේ වෙතත් එම සිදුවීම සිදුවී මාස ගණනාවකට පසු කිසිවකුත් කතා නොකරන මොහොතක ජනාධිපතිවරයා හදිසියේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරමින් බිමල් යටතේ තිබූ වරාය කොටස ඔහුගෙන් ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි. ඒ අනුව ඊට පෙර බිමල් ආණ්ඩුවේ එන්ජිම වෙනස් විය යුතු බවටත්, තමන් ඇතුළු ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් වන බවටත් ප්‍රකාශයක් සිදුකර තිබුණද අවසානයේදී වෙනස් වී තිබුණේ බිමල්ගේ අමාත්‍යාංශය පමණක් වීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව විවිධ පිරිස් බිමල් ඉලක්ක කරමින් විවිධ ප්‍රකාශ සිදුකර තිබූ අතර, ඊට විවිධ අර්ථකථන ලබාදීමට පියවර ගෙන තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.


    බිමල් කෝ?

    කෙසේ වෙතත් රාජ්‍ය රහස් කියවන පාඨකයන්ට මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාදිය යුතු නිසා අප වෙනස් ආකාරයකින් බිමල්ගේ මේ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට මෙම සිදුවීම පසුපස ඇති ගැටලුසහගත තැන් රැසක්ම සොයාගත හැකි විය. උදාහරණයක් ලෙස බිමල්ගෙන් වරාය කොටස ඉවත් කොට නාගරික සංවර්ධන අධිකාරියට භාරදී තිබුණද එහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව බිමල් ප්‍රසිද්ධියේ කාටවත් දැකගන්නට ලැබුණේ නැත. දිවුරුම් දී පැය ගණනකට පසු බිමල් හදිසියේම විදෙස්ගත වීම පුදුමසහගත සහ ගුප්ත සිදුවීමක් බවට පත්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් විවිධ සොයාබැලීම් සිදුකළද බිමල් ගිය රටක් සොයාගැනීමට අපට නොහැකි විය. එමෙන්ම අමාත්‍යාංශය පැත්තෙන් සොයා බලද්දී අපට දැකගන්නට ලැබුණේ බිමල් විදේශගත වී සිටින බවත්, අමාත්‍යාංශ රාජකාරිවලට වාර්තා කර නොමැති බවත්ය.
     
    unnamed

    සාමාන්‍යයෙන් බිමල්ගේ ෆේස්බුක් ගිණුමේ නිතරම ඔහුගේ වැඩ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් යාවත්කාලීන වීමක් වන නිසා ඊට පිවිස බැලුවද අපට එහි අලුත් යාවත්කාලීන කිරීම් කිසිවක් දැකගන්නට ලැබුණේ නැත. එහි අවසන් වරට දක්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් 09 වැනිදා මෙට්‍රෝ බස් ආයතනය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට බිමල් සහභාගි වී සිටි එකකි. ඊට පෙර 07 වැනිදා සහ 06 වැනිදාද බිමල් සහභාගි වූ උත්සව දෙකක තොරතුරු එහි සඳහන්ව තිබිණි. නමුත් ඉන් අනතුරුව එහි යාවත්කාලීන වීමක් දැකගන්නට ලැබුණේ නැත.

    ඉන් අනතුරුව අප නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියටද පිවිස ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකළෙමු. එහි බිමල් නව අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ කිසිදු ඡායාරූපයක් දැකගන්නට ලැබුණේ ද නැත. බිමල්ගේ නම පමණක් එහි සඳහන්ව තිබුණු නමුත් අඩුම තරමින් බිමල්ගේ ඡායාරූපය හෝ එහි පළකොට නොතිබිණි.

    මීට අමතරව මේ දිනවල බාබඩෝස්හි පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරය පැවැත්වීම හේතුවෙන් බිමල් ඊට සහභාගි වී ඇද්ද යන්න පිළිබඳවද අපි සොයාබැලීමක නිරත වීමු. එහිදී දැනගන්නට ලැබුණේ බිමල් ඊටද සහභාගි වී නොසිටි බවකි.





    කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු ලොකුම අර්බුදය වූයේ බිමල්ගේ පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ලාල්කාන්තගෙන් ප්‍රශ්න කරද්දී ලාල්කාන්ත ඊට ලබාදුන් පිළිතුරය. සාමාන්‍යයෙන් ලාල්කාන්ත සැලකෙන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ සිටින ප්‍රධාන නායකයන් පස්දෙනාගෙන් එක් අයකු ලෙසටය. ජවිපෙ ඇතුළේ හෝ ආණ්ඩුව ඇතුළේ යම්කිසි වෙනසක් සිදුවන්නේද, යම්කිසි විශේෂ සාකච්ඡාවක් සිදුවන්නේද ලාල්කාන්තට හොරෙන් එවැන්නක් සිදුවිය නොහැක. කෙසේ වෙතත් පක්ෂය ඇතුළේ මාස කීපයක සාකච්ඡාවකින් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ බව බිමල් කියා සිටියද, ලාල්කාන්ත කියා සිටියේ එවන් සාකච්ඡාවක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවකි. ලාල්ගේ මෙම කතාවෙන් බිමල්ගේ වරාය ඇමැතිකම ඉවත් කිරීම පක්ෂය ඇතුළේ සාකච්ඡා කොට ගත් එකක් නොවන බව පැහැදිලිය. ඒ කැබිනට් මාරුව හරහා එළියට පැන්නේ ආණ්ඩුව ඇතුළේ පවතින යම් අර්බුදයක පිළිබිඹුවක් බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම කැබිනට් මාරුවෙන් පසු බිමල්ගේ අතුරුදන් වීමද ප්‍රශ්නසහගතය. කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තු සතිය ආරම්භ වීමට නියමිත බැවින් බොහෝ දෙනා බිමල්ගේ හැසිරීම දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනවා නොඅනුමානය.



    සජබ-එජාප එකතුව


    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මතුවූ සිදුවීම් පෙළ හරහා බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ සජබය සහ එජාපය අතර එකමුතුවක් ගොඩනැගෙනු ඇතැයි කියාය. ඒ සඳහා සජබයෙන් අවංක උත්සාහයක් දැරුණු අතර, අවසන් වරට පැවැති සජබ කළමනාකරණ රැස්වීමේදී සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ ඊට තවත් පියවරක් ඉදිරියට තබමිනි. නමුත් එහිදී ඉදිරිපත් කෙරුණු එකම කොන්දේසිය වූයේ සජබය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වීම නිසා සජබ නායකත්වයෙන්, මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් එම එකතුව සිදුවිය යුතු යැයි කියාය.

    එය සාධාරණ ඉල්ලීමක් බව ඕනෑම අයකුට පෙනී යන්නේ එජාපය රනිල්ගේ නායකත්වය යටතේ මේ වනවිට පත්ව ඇති තත්ත්වය දෙස බලන විටය. මෙවර පාර්ලිමේන්තුවේදී එජාපයෙන් කිසිදු නියෝජනයක් නොමැති අතර එජාපය මහමැතිවරණයට ඉදිරිපත් වූයේද සිලින්ඩරය ලකුණෙන් යුතුවය. 2020 පාර්ලිමේන්තුවේදී එජාපයට හිමිවූයේ එකම එක ජාතික ලැයිස්තුවක් පමණි. ලැබුණු ඡන්ද ප්‍රමාණය වූයේ ලක්ෂ දෙකහමාරක් පමණි. නමුත් දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ඔළමොට්ටලයන් කිහිප දෙනකු මෝඩ තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් හා රනිල් ගත් ඡන්ද ප්‍රමාණයන් එකතු කළ විට සජබයට දිනන්නට තිබුණා යැයි කියාය.

    නමුත් මොවුන් අමතක කරන කරුණ වන්නේ රනිල්ට ජනාධිපතිවරණයේදී බහුතරයක්ම ලැබුණේ එජාප ඡන්ද නොව පොහොට්ටුවේ ඡන්ද යන කාරණාවය. සජබ ඡන්දද රනිල්ට ගියේ නැත. නාමල් ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකහමාරට පොහොට්ටු ඡන්ද අඩු කරගත්තද එය මාස 5ක් ඇතුළත ලක්ෂ 10 දක්වා පළාත් පාලන මැතිවරණයේදී ඉහළ නංවා ගැනීමට නාමල්ට හැකියාව ලැබිණි. එහි තේරුම වන්නේ රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද නැවත පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවී ඇති බවකි. බොහෝ දුරට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නාමල් මෙම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 15-16 දක්වා ඉහළ නංවාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එහි තේරුමද රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද සියල්ලම පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවනු ඇති බවය.

     ඒ අනුව දැන් රනිල් සිටින්නේ 2020 මහ ඡන්දයෙන් ගත් ලක්ෂ දෙකහමාරක ඡන්ද ප්‍රමාණයට නැවතත් වැටීය. වරක් රටේ ජනාධිපති බවට පත්වූ රනිල් මේ වනවිට මුහුණදී ඇත්තේ එවැනි ඉරණමකටය.

    නමුත් සජබයේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. සජබය පසුගිය ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද සංඛ්‍යාව මහ මැතිවරණයේදීද ආරක්ෂා කරගන්නට සමත් විය. පළාත් පාලන මැතිවරණයේදීත් මෙම ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට සජබයට හැකි විය. මේ වනවිට සජබය ගම් මට්ටමින් පවත්වන සමුපකාර ඡන්දවලින් දිගින් දිගටම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. ඇතැම් ස්ථානවල තනිවම මෙම ජයග්‍රහණ ලැබීමට සජබය සමත්ව ඇති අතර, ඇතැම් ස්ථානවල විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව ජයග්‍රහණය කිරීමට සජබය සමත්ව ඇත.

    ජනාධිපතිවරණයට පෙර මාලිමාවද මේ ආකාරයෙන් ගම් මට්ටමේ සමුපාකාර එක දිගට ජයග්‍රහණ කළ අතර, ඒ අවස්ථාවේදී අනුර ප්‍රසිද්ධියේම කියා සිටියේ ගමේ ජයග්‍රාහී සමුපකාර ඡන්ද රැල්ලෙන් රටේ ජයග්‍රාහී ඡන්ද රැල්ල හඳුනාගත හැකි යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජබයද ගමේ සමුපකාර ඡන්ද එක දිගට ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී රැල්ලක් ආරම්භ කර තිබේ. නමුත් මේ සමුපකාර ඡන්දවල ඉහළින් සජබය සහ පොහොට්ටුවේ නම කියැවුණද ඒ කිසිදු තැනක එජාපයේ නමක් සඳහන් වන්නේ නැත. ඒ තරමටම ගමේ එජාපය දියවී ගොස් හමාරය.

    අනෙක රනිල්ට දැන් වයස අවුරුදු 77කි. රනිල්ගේ නායකත්වය යටතේ හෝ සම නායකත්වය යටතේ හෝ ආණ්ඩු අල්ලන්න සන්ධාන හදන්න කවුරු හෝ කතා කරනවා නම් එය වසරේ හොඳම විහිළුව ලෙස සැලකිය හැකිය. මේ සියලු කරුණු දෙස බලන විට සජබය සහ එජාපය එකතුවේදී එහි මූලිකත්වය හිමිවිය යුතු වන්නේ සජබයටය. එජාප පාක්ෂිකයොත් මේ වනවිට සඳහන් කරන්නේ සජිත්ට අවශ්‍ය වේලාවේදී එජාප නායකත්වය ලබාදීමට රනිල් කටයුතු නොකිරීමෙන් එජාපය දෙකට කැඩුණු බවය. එජාපය දිගින් දිගටම පරාජයට පත්වී එකදු මන්ත්‍රීවරයකුවත් පාර්ලිමේන්තුවට පත්විය නොහැකි තැනට පත්වූ බවය. දැන් හෝ සජිත්ට නායකත්වය ලබාදී මේ පක්ෂ දෙක එකතු කළ යුතු බව එජාප පාක්ෂිකයන්ගේ ද ස්ථාවරයය.
     


    මේ මතය එජාප පාක්ෂිකයන් තුළ ගොනුවූයේ රනිල් අත්අඩංගුවට ගැනීමෙන් පසු සජිත් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් අවංකව පෙනීසිටීමෙන් පසුවය. නමුත් රනිල් රෝහලේ ඇඳෙන් නැගිට්ට මොහොතේ සිට කළේ ඇතිවීමට තිබූ සජබ-එජාප එකතුව කඩාබිඳ දැමීමට කුමන්ත්‍රණ කිරීමය. සිය පවුලේ පත්තරවලින් බොරු පුවත් පළකරමින් සජිත් හිරේ යන බවටත්, සජිත් මුදල් අවභාවිත කර ඇති බවටත්, සජිත් අත්අඩංගුවට ගන්නා බවටත් කියමින් තමන්ට සමීප නිවුස් ප්ලාන්ට් කල්ලියත්, තම පවුලට අයත් පත්තරවලත් බොරු පුවත් මැවීමය.

    ranil wickremesinghe

    රනිල්ගේ අරමුණ වී තිබුණේ මේ හරහා පක්ෂ දෙක එකතු කිරීමේ මෙහෙයුමෙන් සජිත්ව ඉවත් කිරීමය. නමුත් මේ වනවිට පරිණත නායකයකු ලෙස කටයුතු කරන සජිත් රනිල්ගේ උගුලේ නොවැටී පක්ෂ දෙක එකතු විය යුතු බවට තීන්දු කරමින් රනිල් අටවපු උගුලේ රනිල්වම හිර කිරීමට පියවර ගත්තේය. මේ හරහා රනිලුත් රනිල්ට සමීප දෙතුන්දෙනාත් මහත් කලබලයට පත්ව ඇති ආකාරයක් දැකගත හැකිය. මේ දෙතුන් දෙනා වන්නේ සාගලත්, වජිරත්ය. නමුත් ඒ දෙතුන්දෙනා හැරුණු විට නමක් තියෙන අනෙක් සියලු එජාප ප්‍රධානීන් මේ වනවිට සිටින්නේ එජාපය මේ මොහොතේ හෝ සජබය සමග එක්විය යුතු බවට වූ ස්ථාවරයේය.




    වජිරට කොන්ත්‍රාත්තුවක්

    ඒ අනුව මෙම සමගිය කඩාදැමීම සඳහා වහාම වජිර කැඳවූ රනිල්, ඔහුට දැනුම් දී සිටියේ සජබය අසීරුතාවට පත්වන ආකාරයේ නිවේදනයක් නිකුත් කරන ලෙසටය. ඒ අනුව වජිරද කළේ සජබය සමග එක්වන කතා කිසිවක් සඳහන් නොකොට එජාප මහා සම්මේලනයේදී තීන්දු කළේ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කිරීම බව කියමින් නිවේදනයක් නිකුත් කිරීමය. ඒ හරහා වජිර සජබයට දුන් පණිවුඩය වූයේ සජබය සමග එකතු වීමට එජාපය සූදානම් නැති බවය.

    කෙසේ වෙතත් වජිර මෙවැනි නිවේදනයක් නිකුත් කරන බවක් එජාපයේ අනෙක් ප්‍රධානීන් දැන සිටියේ නැත. ඒ අනුව මෙම නිවේදනය දුටු නවීන්, අකිල, තලතා ඒ සම්බන්ධයෙන් දැඩිව සිය විරෝධය පළකොට ඇති බවක් ආරංචිය. එපමණක් නොව නවීන් ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පක්ෂ දෙක එකතු විය යුතු බවට සජිත් ගත් තීන්දුව ඉතා හොඳ එකක් බවත්, එසේ පක්ෂ දෙක එකතු වුවහොත් තමන්ද පළාත් සභා මැතිවරණයේදී තරග කරන බවත්ය.

    මේ අතර, එජාපයෙන් නිකුත් වූ මෙම නිවේදනය පිළිබඳ සජබය පාර්ශ්වයෙන්ද කිසියම් සොයාබැලීමක් සිදුකෙරිණි. එහිදී බොහෝ දෙනා කියා සිටියේ එජාපයේ සිටින ‘ත්‍රී ඉඩියට්ස්’ලා විසින් මෙම නිවේදනය නිකුත් කොට ඇති බවය. පක්ෂය ඇතුළේ කිසිදු සාකච්ඡාවකින් තොරව මෙම නිවේදනය නිකුත් කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරද්දී සිය විරෝධය ඊට පළකරන බවත්, සජබ-එජාප එකමුතුවට සහාය පළකරන එජාපයේ ප්‍රධානීන් සඳහන් කොට ඇති බවත් ආරංචිය.

    unp
    එමෙන්ම අඟහරුවාදා සවස මේ එජාපයේ ප්‍රබලයන් තිදෙනා විසින් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට තවත් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබූහ. ඒ, සජබ-එජාප එකතුව සම්බන්ධයෙන් කතා කරද්දී ගතයුතු ලයින් එක පිළිබඳ දැනුම් දෙමිනි. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයත් අනෙකුත් දේශපාලන පක්ෂත් අතර පොදු එකඟතාවකින් කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණි.

    එම සාකච්ඡා අඛණ්ඩවම තවමත් ක්‍රියාත්මක වේ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන්නේ පොදු එකඟතාවයකින් ක්‍රියා කිරීම සඳහා සමගි ජන බලවේගය මෙන්ම අනිකුත් දේශපාලන පක්ෂ ද සම්බන්ධ කරගත යුතු බවය.

    බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය එල්බ සිටී. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගයට අමතරව අනෙකුත් දේශපාලන පක්ෂත් ඊට එක්කර ගතයුතුය.

    බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා වැදගත් පියවරක් ලෙස නොවැම්බර් මස 11 වැනි දින නුගේගොඩ පැවැත්වෙන ‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ රැලියට සහභාගි වන ලෙස සමගි ජන බලවේගය ඇතුළු සියලුම පක්ෂවලට ඇරයුම් කරමු. යනුවෙන් එහි සඳහන්ව තිබිණ.



    මේ නිවේදනය නිකුත් වීමත් සමග එජාපයේ මේ ත්‍රිමූර්තිය හැරුණු විට අනෙකුත් සියලු දෙනාම කැලඹී ගිය ආකාරයක් දැකගත හැකි විය. පක්ෂය ඇතුළේ කිසිදු සාකච්ඡාවක් නොකර මෙවැනි උපදෙසක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ ඉදිරි දිනකදී කෙළින්ම සිය විරෝධය පළකිරීමටය.



    මේ සියල්ල අතරවාරයේ පක්ෂ දෙක එකතු කිරීම සිදුකරන්නේ කෙසේද යන්න සොයාබලා වාර්තා කරන ලෙසට සජිත් විසින් කබීර්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවද මේ වනවිට සිය වාර්තාව සකස් කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති ආකාරයක් වාර්තා වේ. කමිටු සාමාජික මුජිබර් රහුමාන් පසුගිය සතියේ බාබඩෝස් සංචාරයක නිරත වීම නිසා සජිත් කළේ ඒ වෙනුවට ඉරාන් වික්‍රමරත්නව පත්කිරීමය. ඒ අනුව කබීරුත්, මරික්කාරුත්, ඉරානුත් එජාප ප්‍රධානීන් සමග සාකච්ඡා කරමින් එම වාර්තාව සකස් කරන බවක් රනිල්ටද වාර්තා විය.

    ඒ අනුව රනිල් වහාම එජාප නියෝජිතයන්ට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ කබීර් සමග හෝ මරික්කාර් සමග හෝ ඉරාන් සමග කිසිදු සාකච්ඡාකට නොයන ලෙසටය. එහිදී රනිල් වැඩිදුරටත් කියා ඇත්තේ තමන් වෙනත් චැනල් එකකින් සජබයේ ඉහළ අයත් සමග වෙනම ගනුදෙනුවක නිරත වන බවය. රනිල් මේ ගනුදෙනුව කරන කණ්ඩායම පිළිබඳවද රාජ්‍ය රහස් තීරයට තොරතුරු වාර්තා වී තිබේ. නමුත් අප වගකීමෙන් යුතුව කියා සිටින්නේ රනිල් ගනුදෙනු කරන ඒ චැනල් එකකිනුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් රනිල්ට දී නැතැයි කියාය.


    නාමල්වත් පාව්චිච් කරලා


    ඉන් අනතුරුව රනිල් කළේ සජබය තවදුරටත් බිමට වැට්ටවීම සඳහා නාමල්ව පාවිච්චි කිරීමය. රනිල් ඒ දේ කරන්නේ ලබන 11 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලියට පොහොට්ටු පාක්ෂිකයන් ගෙන්වා ගැනීමටය. ඒ හරහා රනිල්ගේ සැලැස්ම වී ඇත්තේ හීන්සීරුවේ යළිත් පොහොට්ටුවට රිංගා ගැනීමය. අප මේ බව මීට මාසයකට ඉහතදී පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවූ සිදුවීමක් වාර්තා කරමින් පළමු වරට රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. 
    එහිදී රනිල් පොහොට්ටුව සමග සන්ධානයක් ගොඩනැගිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරද්දී ඊට තලතා, රුවන් ඇතුළු කණ්ඩායමක් දැඩි විරෝධය පළකරමින් පොහොට්ටුවේ ඇත්තේ වෙනත් සංස්කෘතියක් බවත්, එය එජාප සංස්කෘතියට නොගැළපෙන බවත් කියා සිටියහ. නමුත් රනිල් එම විරෝධය තඹේකට මායිම් කර නොමැති බවක් මේ වනවිට සිදුවන සිදුවීම්වලින් පැහැදිලිව දැකගත හැකිය.



    \

    ඉකුත් ජනාධිපතිවරණයේදී තමන්ට ලැබුණු පොහොට්ටු ඡන්ද නැවත නාමල් එකතු කරගනිමින් සිටින බව වටහාගෙන සිටින රනිල්, මේ වනවිට සූදානමින් සිටින්නේ නාමල්ව තමන්ට ළං කරගෙන නැවත වතාවක් එම පොහොට්ටු ඡන්දවලට වගකීමටය. එසේත් නොමැති නම් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව සමග සන්ධානයක් ගොඩනගාගෙන එහි ඡන්දවලින් එජාපයේ පිරිසක් පළාත් සභාව ඇතුළට රිංගවීමටය.



    හොරුත් එක්ක බෑ


    එජාපය සමග එකතු වීමට සජබ කළමනාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළද තවත් වැදගත් තීන්දුවක්ද සජබය මේ වනවිට ගෙන තිබේ. ඒ, කා සමග එකතු වුවද හොරු සමග එකතු නොවීමටය. එමෙන්ම පොහොට්ටුව සමගද එකතු නොවීමටය. මේ වනවිට සජබය පිරිසිදු පක්ෂයක් ලෙස රටම හඳුනාගෙන ඇති බැවින් කිසිසේත්ම දූෂණ චෝදනාවලට ලක්වූ පිරිස් සමග සන්ධානගත නොවීමට පක්ෂය තීන්දු කර ඇති බව එස්.එම්. මරික්කාර් පසුගියදා මාධ්‍ය හමුවේ කීවේ ඒ අනුවය. අජිත් පෙරේරා කියා සිටියේ දේශපාලන කාරණාවලදී අසාධාරණයක් වන්නේ නම් ඒ වෙනුවෙන් පෙනීසිටිනවා විනා පොහොට්ටුව සමග කිසිදු අවස්ථාවක සන්ධානගත වීමක් සිදු නොවනවා යැයි කියාය.

    එමෙන්ම සජබ සන්ධානය ඇතුළේ සිටින මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් වැනි අයද මාධ්‍ය ඉදිරියේ සඳහන් කර සිටියේ හොරු එක්ක කිසිසේත්ම වාඩිවීමට හෝ හොරු එකතු කරගැනීමට හෝ සජබය කටයුතු නොකළ යුතු යැයි කියාය. ඒ හරහා මෙම දේශපාලන නායකයන් නොකියා කීවේ ලබන 11 වැනිදා නුගේගොඩදී රනිල්ගේ සහ නාමල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රැස්වීමට සහභාගි නොවන බවය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දැනටමත් සජිත් මෙම රැස්වීමට සහභාගි නොවීමට තීන්දු කොට ඇති බවය. එමෙන්ම සජබ ජ්‍යෙෂ්ඨයන්ද දැඩි තීන්දුවක් ගෙන ඇත්තේ මෙම රැස්වීමට සහභාගි නොවීමටය. මීට අමතරව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි සජබ සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන්ද සිටින්නේ නුගේගොඩ රැස්වීමට සහභාගි නොවීමේ ස්ථාවරයකය.

    රනිල් සහ නාමල් නුගේගොඩ රැලිය සාර්ථක කරගැනීමට කටයුතු කරන අතරවාරයේ සජිත් මේ දිනවල සිටින්නේ සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් ආසන මට්ටමින් ගමින් ගමට යමින්ය. ඒ අතරවාරයේ ආණ්ඩුව විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබීම නිසා සජිත් ඒ යන සෑම රැස්වීමකදීම කියා සිටියේ ආණ්ඩුව නැවත වතාවක් විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ජනතාව සමග පාරට බහිනවා යැයි කියාය. ඒ අනුව සජිත් ගම් මට්ටමේ සියලු සජබ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට දැනුම් දී සිටියේ යම් හෙයකින් විදුලි බිල ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගතහොත් ඊට පසු දිනම එක වර රට වටේම සජබ පාක්ෂිකයන් ඊට එරෙහිව පාරට බැස්සවීමට සූදානම් කර තබන ලෙසය. ඒ අනුව සජබ ආසන සංවිධායකවරුන්ද, පළාත් පාලන මන්ත්‍රීවරුද පසුගිය සති දෙක පුරාම ගම් මට්ටමෙන් ඊට සංවිධාන වෙමින් පාක්ෂිකයන් එකතු කිරීමට කටයුතු කළහ.

    565108944 1385042432981985 9088808222874011188 n
    ඒ අනුව අපට ඇති යම් යම් තොරතුරුවලින් කියැවෙන්නේ නුගේගොඩ රනිල් – නාමල්ගේ රැලිය මෙන්ම විදුලි බිලට එරෙහිව ගම් මට්ටමෙන් සජබය දියත් කරන්නට යන කැරැල්ල පිළිබඳවද සියලු තොරතුරු ආණ්ඩුවට වාර්තා වී ඇති බවය. එහිදී නාමල් බස් 100ක් රැගෙන එන බව වාර්තා වුණද, ආණ්ඩුව ඒ ගැන වැඩි තැකීමක් නොකළේය. නමුත් සජිත්ගේ විදුලි බිලට එරෙහි ගම් මට්ටමේ මෙහෙයුම පිළිබඳ ආණ්ඩුව දැඩි අවධානයක් යොමුකර තිබුණේ විශාල පිරිසක් ඒ වටා රොක් වෙමින් සිටින බවටත්, යම් හෙයකින් විදුලි බිල වැඩිකළහොත් දැනට ගමේ සජබයට ගොඩනැගෙමින් පවතින ප්‍රසාදය තවදුරටත් ඉහළ යාහැකි බවටත් තොරතුරු වාර්තා වී තිබීම නිසාය. අනෙක මේ වනවිට සජිත්ගේ ගම් මට්ටමෙන් සිදුවන සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට ජනතාවගෙන් විශාල ප්‍රතිචාර හිමිවෙමින් පවතින බවද ආණ්ඩුවට වාර්තා වී තිබිණි.

    ඒ අනුව ආණ්ඩුව පසුගිය වතාවේ මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි නොකරන ලෙස දැනුම්දී තිබියදී ඊට එරෙහිව යමින් විදුලි බිල වැඩිකළද මෙවර මහජන උපයෝගිතා කොමිසම වැඩි නොකරන ලෙසට දුන් නියෝගය පිළිපදිමින් නිහඬව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. ආණ්ඩුවේ මෙම හැසිරීමත් සමග ගම් මට්ටමෙන් සජබයට එන ප්‍රසාදය ආණ්ඩුව වටහාගෙන සිටින බවක් දැකගැනීමට පුළුවන.





    කෙසේ වෙතත් රනිල් සමග එකතු වී නුගේගොඩ රැලිය සංවිධාන කිරීම සම්බන්ධයෙන් මේ වනවිට නාමල්ටද පොහොට්ටුව ඇතුළෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. මෙහි පළමු විරෝධය එල්ල වූයේ රනිල් ගැන හොඳටම දන්නා ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන්ය. පොහොට්ටුව රනිල්ට ජනාධිපති ධුරය ලබාදීමට තීන්දු කරද්දීම ජොනී කී ප්‍රසිද්ධ කතාවක් වූයේ රනිල් කොයි වෙලාවේ හෝ රාජපක්ෂලාටත්, පොහොට්ටුවටත් වැඩේ දෙනවා යැයි කියාය. ජොනී කී පරිදිම රනිල් පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපති වී මාස කීපයක් අතුළත පොහොට්ටුවත් දෙකට කඩා රාජපක්ෂලාවත් නන්නත්තාර කළේය.



    එමෙන්ම පසුගිය කාලයේදී රනිල්ට ළංව සිටි පොහොට්ටු ප්‍රධානීන් වූ රෝහිත අබේගුණවර්ධන, නිමල් ලංසා වැනි පිරිස්ද මේ වනවිට සිටින්නේ රනිල්ගේ තරම තේරුම් ගෙන යළිත් පොහොට්ටුවට එක්වය. ඔවුන්ද නාමල්ට දී ඇති පණිවුඩය වී ඇත්තේ රනිල්ට නැවත වතාවක් අහුවෙන්න එපා යැයි කියාය. පොහොට්ටු ඡන්ද රනිල්ට හරවන්න එපා යැයි කියාය. රනිල්ගේ දේශපාලනය අවසන් බවත්, ඔහු තවදුරටත් දේශපාලනයේ ලකුණක් නොවන බවත් මේ පිරිස් නාමල්ට දැනුම් දී ඇති බවක්ද ආරංචිය.

    මීට අමතරව පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල්ද ඇමෙරිකාවේ සිට පොහොට්ටුවට පණිවුඩයක් එවමින් දැනුම් දී ඇත්තේ රනිල්ට කිසිසේත්ම පොහොට්ටුවේ සහාය ලබා නොදෙන්න යැයි කියාය. රනිල්ගේ දේශපාලනය අවසන් බවත්, තවදුරටත් රනිල් සමග එක්ව ගමනක් යෑමේ ඉඩක් නොමැති බවත් එහිදී බැසිල් විසින් දැනුම් දී ඇති බවක්ද ආරංචිය. මෙය බොහෝ විට බැසිල් විසින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ට ලබාදී ඇති බවක් පෙනී යන්නේ වහාම සාගර මාධ්‍ය හමුවක් පවත්වා එජාපය සමග හෝ සජබය සමග සන්ධානගත වන්නේ මහින්ද ප්‍රතිපත්තිය පිළිගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළහොත් පමණක් බව ප්‍රකාශ කිරීම නිසාය.
     
    basil rajapaksa reuters1

     බොහෝ දෙනා කියන්නේ බැසිල් විසින් මෙම විග්‍රහය පොහොට්ටුවට ලබාදී ඇති බවත්, එසේ නොමැතිව සාගර විසින් එවැනි ප්‍රකාශයක් නොකරනු ඇති බවත්ය. අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ නාමල්ටද මෙම දැනුම්දීම ලැබී ඇති බවකි. ඒ අනුව නාමල්ද පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වුණහොත් කෙසේවත් රනිල්ට එහිදී සහාය දක්වන්නේ නැතැයි කියාය.

    (සටහන | කපිල පුංචිමාන්නගේ)

    උපුටා ගැනීම - mawratanews.lk




  • 'ජනපති ගන්නා උත්සහය හෑල්ලුවට ලක්කිරීම අනුමත කරන්න බැහැ' - සිදම්බරම් කරුණානිධි

    අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපති සිදම්බරම් කරුණානිධි



    වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1750ක වැටුපක් ලබාදීමට ජනපතිවරයා මහත් පරිශ්‍රමයක් දරන මොහොතක, ඊට උදව් නොකොට දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය අක්කරයක්, අක්කර දෙකක් තරම් ඉඩම් වතු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමින් ජනපතිවරයාගේ සුබදායි යහපත් වැඩසටහන අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිධි කියයි.

    අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ..

    ජනපතිවරයා වතු හාම්පුතුන් සමග සාකච්ඡා මාර්ගයෙන් වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප් වැඩිකිරීමට මහත් වෙහෙසක් ගන්නවා. එය අප අගය කළ යුතුයි. එහි ගෞරවය එතුමාට දිය යුතුයි. නමුත් දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය ජනපතිවරයාගේ උත්සහයට අකුල් හෙලමින් එය වැළැක්විමට කටයුතු කරනවාදැයි අපට සැකයි.

    ඔවුන් කිසි දිනක ළගා කර ගත නොහැකි යෝජනා ගෙන එමින් ජනපතිවරයාගේ උත්සහය හෑල්ලුවට ලක් කරනවා. එය අප පක්ෂය තරයේ හෙළා දකිනවා. වතු කම්කරුවන්ගේ නිවාස, පානීය ජල අවශ්‍යතා, වැසිකිළි කැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීමට වචනයකින් හරි උදව් කරනවා හැර එවැනි යෝජනා කඩා කප්පල් කිරීමට පියවර ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.



    (සටහන | ජේ.මුණසිංහ) 

  • 'පන්නන්න තරම් අවුලක් මේ ආණ්ඩුවේ නෑ' - රන්ජන් රාමනායක

    වත්මන් පාලනය කෙරෙහි තමාගේ විශ්වාසය සියයට සියයක්ම පවතින බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක පවසයි.

  • 'මා විනිශ්චය කරන්නේ විපක්ෂය නොවේ - පක්‍ෂය පවුල හා සමාජයයි '- ඇමති බිමල්

    තමා කිසිදු අවස්ථාවක විපක්ෂයෙන් සහතික ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.

    දැනට පවතින විපක්ෂය තුළ, 2029 වසරේදී තම පාර්ශ්වයට අභියෝගයක් විය හැකි වැඩපිළිවෙලක් හෝ දැක්මක් සහිත පක්ෂයක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.


    පොදු එකඟතාවක තීන්දුවක්


    බිමල් රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අමාත්‍යාංශවල යම් කුඩා වෙනස්කම් ප්‍රමාණයක් කර ගැනීමටත්, ඒ වගේම දක්ෂ අලුත් කණ්ඩායමකට නියෝජ්‍ය අමාත්‍ය තනතුරු සහ කැබිනට් අමාත්‍ය තනතුරක් ලබා දීමටත් තීරණය කරන ලද්දේ මාස ගණනක් තිස්සේ කරන ලද සංවාදයක ප්‍රතිඵලයක් ලෙස බවයි.

    එය පොදු එකඟතාවක තීන්දුවක් බව ද  සඳහන් කළේය.

    මෙම නව අමාත්‍යාංශ වගකීම් භාරගැනීම තුළ තමාට වැඩි වගකීමක් ලැබී ඇති බවත්, එය විශාල එකක් බවත්, ඒ ගැන සැකයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

    තවද, ඔහු පෙර වරාය සහ නාවික සේවා අංශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, වරාය සහ නාවික සේවා අංශය උපාය මාර්ගිකව ඉතා වැදගත් වුවද, එය එක් ස්ථානයකට සීමා වී ඇති බැවින් ජනතාව දිනපතාම සම්බන්ධ වන ප්‍රමාණය අඩු බවයි.

    කෙසේ වෙතත්, නාගරික සංවර්ධනය සහ ඊට අදාළ ක්ෂේත්‍රය ඊට වඩා වැදගත් සහ ප්‍රධාන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    තමාව විනිශ්චය කරනු ලබන්නේ විපක්ෂය නොව, තම පක්ෂය, තම පවුල සහ සමාජය බව ද අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය

     

     

     

     

  • 'රටම එකට ජාතික මෙහෙයුම' අද ඇරඹේ

    විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (30 වැනිදා) පෙරවරු 10.00 ට ඇරඹෙයි.

  • J.C.ට A.K.D. කිව්වේ මොනවාද?

    ජනාධිපති අනුර කුමාර දිසානායකට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හමුවුණා.


    මෙම හමුවීම සිදුවී ඇත්තේ පසුගිය (07) වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී.

    ඵදින සවස 1.30ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දිවා ආහාරය ලබාගෙන ඉදිරියට පැමිණෙන විට එම ආලින්දයේදී ජේ.සී .අලවතුවල මන්ත්‍රීවරයා ද ඉදිරියට පැමිණියා.

    "ඉතින් කොහොමද මන්ත්‍රීතුමා මාවතගම තත්වය"යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විමසුවා.

    "වරදක් නැහැ, ජනාධිපතිතුමා වැඩ ටික කරගෙන යනවා" එසේ ප්‍රතිචාර දක්වා ඇත්තේ ජේ.සී. අලවතුවලයි.

    "මං නුවර යන ගමන් ඔබතුමාලාගේ ගෙවල් ගාවින්නේ යන්නේ. මං ගෙවල් පැත්ත බලාගෙන තමයි යන්නේ" යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    "ආ.. එහෙමද ඔබතුමා පහුගිය දවස්වල නුවර ගියානේ එතකොට එතනින් යන්න ඇති නේද?"යනුවෙන් ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටි අවස්ථාවේදී "ඔව් "යනුවෙන් ඉතා සුහදව ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූවා.


    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවේදී මෙහි සිටියා.

    ජේ. සී අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ මාවතගම, මිල්ලව , මල්ලවපිටිය යන ප්‍රදේශයේයි.


    මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ සිට මහනුවර දක්වා යන මාර්ගයේ තුන්වෙනි කිලෝ මීටර් කණුව අසල ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙනවා.
     
     
     
     
     
  • අනුර කුමාර නැවත ජනපතිවරණයට ඉදිරිපත් වුනොත්...?

    "අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද...?" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.

  • ඇමති සංශෝධනයෙන් තවත් මාලිමා ප්‍රතිපත්තියක් පචයක් වෙලා - ගම්මන්පිල

    '' මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා.  නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.  ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා'' යැයි පිළිබද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.

    ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (10) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමිනි.

    අමාත්‍ය මණ්ඩලය පත් කර යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බැරි බවට තමන් කළ චෝදනාව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට පිං සිදු වන්නේ යයි ඔහු කියා සිටියේය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...


    කොච්චර ඇනුවත් ජෝකර්ලා

    විපක්ෂයේ සිටිය දී 2024 සැප්තැම්බර් 23 දින අතුරුදහන් වුණු අනුර දිසානායක මන්ත්‍රිතුමා ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන අදහස් දක්වමින් කිව්වේ ඔය කාඩ්
    කුට්ටමේ ඉන්නේ ජෝකර්ලා විතරක් නිසා කොච්චර ඇනුවත් අන්තිමට දාන්න වෙන්නේ ජෝකර් කාඩ් එකක් විතරයි කියලා.  එතුමා අද අතුරුදහන් නිසා එතුමා වෙනුවෙන් මට කියන්න තිබෙන්නෙත් ජෝකර්ලා 159ක් ඉන්න කාඩ් කුට්ටම කොච්චර ඇනුවත් දාන්න වෙන්නේ ජෝකර්ලා විතරයි කියලා.

     මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා.  නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.  ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා.


    බිමල් ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කරලා...


    බහාලුම් 323 වංචාව පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමේ දී අපි කොමිසමට කිව්වා බහාලුම් පරික්ෂා නොකර නිදහස් කිරීමට උපදෙස් දුන්  බිමල් රත්නායක ඇමතිතුමාව මුලින්ම ප්‍රශ්න කළ යුතුයි කියලා. ඒ, එතුමා මේ බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දුන් බව එවකට හිටිය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරපු නිසා.  ඒ වගේම අපි කිව්වා විමර්ශනය ස්වාධීනව සිදු වෙන්න නම් වරාය විෂය බිමල් ඇමතිතුමාගෙන් ඉවත් කළ යුතුයි කියලා.  මාස නවයකට පස්සේ හරි අපේ ඉල්ලීමට ඇහුම්කන් දීම පිළිබඳ ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා.

    එහෙම ඉවත් නොකලා නම් බිමල් ඉවත් කරනු කියන එක විපක්ෂයේ සටන් පාඨය වෙන බව ජනාධිපතිතුමා දන්නවා. රංග දිසානායක මහතාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබා දීමට බිමල් ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව බොරු කියලා නොමග යැව්වා කියලා මහචාර්ය දිනේෂා සමරරත්න මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දී තිබෙනවා.  ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කර ගත් බිමල් ඇමතිතුමාව එතැනින් ද ඉවත් කළ යුතු බව අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා.


    ගලප්පත්තිට සහ නිපුණාරච්චිට මොක ද වුණේ...?



    1994 සිට පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ ජනාධිපති අපේක්ෂක නිහාල් ගලප්පත්ති මන්ත්‍රිතුමාටත් 2004 සිට පාර්ලිමේන්තුවේ ඉන්න ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමාටත් අඩුම ගණනේ නියෝජ්‍ය ඇමතිකමක්වත් දෙන්න මෙවරත් කටයුතු කරලා නෑ.  ජනාධිපතිකමට සුදුසු ගලප්පත්ති මන්ත්‍රිතුමා නියෝජ්‍ය ඇමතිකමකට
    නුසුදුසු වුණේ කොහොමද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.''



     
  • කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා - උදය ගම්මන්පිල

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ වැඩ තහනම තුළින් කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කර ඇතැයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.

  • කැබිනට් සංශෝධනය ; සැබෑ හේතුව....

    පහුගිය දවසක කැබිනට් කුට්ටම අනන වෙලාවේ ආණ්ඩුවේ බලවත්ම ඇමති කෙනෙක්ගේ විෂයක් මාරු උනා.

    මේ මාරුව ගැන නොයෙක් කතා තියෙනවා. මේකට බලපාපු හේතු ගණනාවක් ගැනත් ආරංචි පැතිරෙනවා.

    ආණ්ඩුවේ දෙවෙනියා තුන්වෙනියා වගේ ඉන්න මේ මනුස්සයාගෙ විෂය කාර්යයන් වෙනස් වුනේ උන්නැහේ භාරව හිටපු මහ මුහුදට සම්බන්ධ ආයතනයට කලාපයේ බලවත් රටකින් ඉදිරිපත් වුන යෝජනා කිහිපයක් වෙනත් බලවත් රටක කීමට ප්‍රතික්ෂේප  කරපු නිසාය කියලා පැලවත්ත පැත්තෙන් ආරංචි වෙනවා.

    මේ වැඩෙන් එයාට හානියක් වෙන එක වළක්වන්නලු විෂය කාර්ය මාරු කරේ.

     

    bimal vs anura

     


     ඒ අතරේ තවත් කතාවක් පැතිරෙනවා.

    ඒකෙන් කියවෙන්නේ ආණ්ඩු පක්ෂයට උදව් කරන ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයකුගෙ ව්‍යාපාරික යෝජනාවක් අනුමතනොකිරීම මේ මාරුවට හේතුවක්  කියලයි.

    මේ ව්‍යාපාරික තැන ආණ්ඩුවට කොපමණ හිතවත්ද කියනවනම් මහින්ද උන්නැහේ ඉන්න කාලේ එයාගේ හොඳම යාළුවෙක් වගේ හිටියත් පහුගිය දවසක මඟුල් ගෙදරකදී  එතෙන්ට ආපු ව්‍යාපාරිකයන් සියලුම දෙනා මහින්ද උන්නැහේ වට කරන් ඉන්නකොට එතුමාට කතා කිරීම තබා මුහුණවත් බැලුවෙ නෑ කියලයි කියන්නේ.

    කොහොම හරි මේ ව්‍යාපාරික තැන වෙනුවෙන් ආණ්ඩුවෙ ඉහළම තැනට ගතු කියලා තියෙන්නේ ආණ්ඩුවේ වගේම පක්ෂෙත් විභුෂණය කරන හෝටල් ව්‍යාපාරික නෝන කෙනෙක් කියලයි ආරංචි.

  • ජනපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක්

    2026 අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

  • ජනාධිපතිවරයා උතුරට ගියේ ඇයි...? - Ideas front වීඩියෝවක්

    ජනාධිපතිවරයා මෙවර තෛපොංගල් දිනයේ යාපනයට ගොස් කළ කී දෑ සියල්ල ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු කළ දෑ බව තමන් අනුමාන කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ඩබල් කැබ් ටෙන්ඩරයේ වංචාවක්..! - හර්ෂ අයවැය විවාදය පටන් ගනිද්දීම ලෙඩේ අදියි

    *මේ හදන්නේ පගා දෙන්න!

    * වහාම මේ ටෙන්ඩර් අහෝසි කරන්න!

  • නව ජනපති අනුර කුමාර දිවුරුම් දෙයි

    09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

    ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය  ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

    සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

    1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක  තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබීය.

    අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.

    1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක  1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ.

    1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය ලබාදුන් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වුණි.

    දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක් වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදුවු 1993 කාලවකවානුවෙන් පසුව නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන අනුර කුමාර දිසානායක 1997 වර්ෂයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරය හිමිකර ගනු ලැබීය.

    1997 වසරේ දීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වු ඔහු 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් වී තිබේ.

    1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග වදිමින් පළමු වරට දේශපාලන ප්‍රවේශය ලබා ගනු ලැබීය.

    2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක  පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණි.

    2004 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබීය.

    2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක  2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් ව තිබේ.

    2014 වසරේ පෙබරවාරි මස 02 දින පැවති ජනතා විමුක්ති පෙරමු‍ණේ 07 වෙනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වට පත් වු ඔහු 2015 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වුණි.

    2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබීය.

    2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක සියයට 3.16ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණි.

    2021 වසරේ දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලද ජාතික ජනබල වේගය පළමු ජාතික සමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වට පත්වන අනුර කුමාර දිසානායක  මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් පත්ව ජයග්‍රහණය කරනු ලැබීය.

  • නිවාස 15000ක් අවධානම් කළාපයේ

    ග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණි.

  • පාතාලය සැලකිය යුතු මට්ටමෙන් අඩුවෙලා -මහින්ද ජයසිංහ

    පාතාල මර්ධනය ඉතා හොදින් සිදුවෙනමින් පවතින බව මහින්ද ජයසිංහ පවසයි.ඔහු තව දුරටත් සදහන් කලේ,


    "විශේෂයෙන්ම අපි මේ වන විටත් රටම එකට කියන ජාතික ව්‍යාපාරය ගොඩ නගන්න අවශය කරන මැදිහත් වීම කරලා තිබෙනවා ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්.

    අපි ඒ වැඩසටහන හරහාත් ඉදිරියේදී තව දුරටත් අපේ රට මතින් තොර රටක්  බවට පරිවර්තනය කරන්න ඕන කරන මැදිහත් වීම සිදු කරමින් තිබෙනවා. ඉතින් ඉදිරියේදී තව දුරටත් මෙම ජාතික ව්‍යාපාරය පුළුල් කරමින් මුළු රටම එක මිටකට අරගෙන මුළු රටම ඒ වෙනුවෙන් මෙහෙයවන්න අපි ආන්ඩුවක් ලෙස සූදානමින් ඉන්නවා.
     
    ඒ වගේම තමයි පාතාල අපරාධ මේ වන විට සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියනවා.මොකද මේ පාතාලයේ සැලකිය යුතු පිරිසක් දැන් හසුවෙමින් තිබෙනවා.ඒ වගේම පාතාලය සමග දේශපාලන සම්බන්දතාවය සහමුලින් අපි ඉවත් කරලා තිබෙනවා ඉතින් ඒකත් එක්ක අපි විස්වාශ කරනවා අපේ රට එක පැත්තකින් මත්ද්‍රව්‍ය වලිනුත් අනිත් පැත්තෙන් අපරාධ වලින් තොර රටක් බවට පරිවර්තනය කරගන්න අපිට ඉදිරියේදි හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් අපි  අධිෂ්ඨානශීලීව අපේ රට මෙහෙයවමින් ඉන්නවා."
     
     
     
  • පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා - රවී කියයි

    ''මම පාර්ලිමේන්තුවේ තනි අලියා .. සමගි, යූ එන් පී දෙක එකට එකතු කරලා අලි ගහනය වැඩි කරගන්නවා...'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

    ඒ සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුකිරීම සඳහා තමාට කළ හැකි උපරිමයෙන් දායකවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

    ඔහු එබව කියා සිටියේ, දිවංගත ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ දීය.

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවති එම උත්සවයේදී උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමිණ.

    එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ මහාචාර්ය ලලිත් ගමගේය.

    ශ්‍රීමත් ලලිත් ඇතුළත් මුදලි පදනමේ අනුශාසක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවටවට එක්වෙමින්, ආර්ථික බාධා තියෙන, හැකියාවක් ඇති දරුවන්ට උදව් කිරීම සඳහා හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භකළ ආකාරය පැහැදිලි කළේය.

    තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා, මේවනවිට ජනතාව තුල රජය ගැන විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගැන පමණක් බව සඳහන් කළේය.  ''එක පුද්ගලයෙක් ගැන විතරයි විශ්වාසය තියෙන්නේ, තව අවුරුද්දක් යනකොට මේ තත්ත්වය වැඩි කරගන්න වෙයි'' යයි ඔහු කියා සිටියේය.

    හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේ,  IMF පස් වැනි වාරිකය ලබා ගැනීමට රජය නිර්භීතව තීන්දු තීරණ ගත යුතු බවයි.

    ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය වුණොත් එහි තියෙන වටිනාකම නැති වෙන බව පැවසු මන්ත්‍රීවරයා, ''පාස්කු ප්‍රහාරය දේශපාලන ඡන්ද අවස්ථාවලදී උඩ එනවා. නමුත් මේකට විසඳුමක් ලබා ගත යුතුයි'' යයි ද කියා සිටියේය.

    විදුලි බිලියි අඩු කරන්න ආපු ආණ්ඩුවක් විදුලි ගාස්තුව වැඩි කරන්නේ කොහොමද ඒක ප්‍රශ්නයක් යයි ද හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ රවී කරුණානායක විමසා  සිටියේය.

     

     



    (Colombo නිරෝෂන්)

  • පොන්නි සම්බා ආනයනය සඳහා වූ ගැසට් නිවේදනය නිකුත් වෙයි

    කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වන අතර එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්‍රික් ටොන් 52කි.

    එමෙන්ම එම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනය මගින් සඳහන් කර තිබේ.

    කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන මෙම (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය සඳහා රජය සැලසුම් කළ බව පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

  • පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

    ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.

  • බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධා හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක්

    මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Page 1 of 2

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න